ශ්‍රී ලංකා තරගාවලිය අභියෝගයක් වගේම ලෝක කුසලානයට හොද පෙරහුරුවක්.

Sports News

මේ වන විටත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහුන් මේ වන විට සිය පුහුණුවීම් වල නිරතව සිටී. ප්‍රථම තරගය එළඹෙන සැප්තැම්බර් මස 2 දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී දිවා රාත්‍රි තරගයක් ලෙස ආරම්භ විමට නියමිතය.

නමුත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සන්චිතය නම් කොට නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ 30 දෙනෙකුගෙන් යුත් සන්චිතයක් දකුණු අප්‍රිකානු සංචාරය හා එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් මේ වන විට නිරෝදායනය සදහා යොමුකර ඇති බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

අප්‍රිකානු කණ්ඩායම දිවයිනට පැමිණිමෙන් අනතුරුව නායක ටෙම්බා බවුමා මාධ්‍ය සාකච්ඡාවේදී මෙලෙස අදහස් පළකළේය.

ශ්‍රී ලන්කාවේ තරග වදින තණතීරු බොහෝ විට ලෝක කුසලානයේ මුහුණ දෙන තණතීරු වලට බොහේ සෙයින් සමාන වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මෑත කාලිනව අපේ පන්දුයවන්නන් තමා තරමක් ඉදිරියෙන් සිටින්නේ පිතිකරුවන්ට හොද අවස්ථාවක් තියෙනවා තමන්ගේ හැකියාවක් උරගා බලන්න.

ශ්‍රී ලංකාවේ තරග වදිනවා කියන්නේ පහසු වැඩක් නොවේ එය අපිට විශාල අභියෝගයක් එම නිසා මෙම තරගාවලිය අපිට ලෝක කුසලානයට හොද පෙර පුහුණුවක් වෙයි කියලා මම අපේක්ෂා කරනවා.

2014 සහ 2018 දී අවසන් වරට ශ්‍රී ලංකාවේදී කළ සංචාර දෙකේදී ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන ඇති සවුත් අප්‍රිකානු කණ්ඩායම මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.

සුදු හෝ රතු බෝල ක්‍රිකට් වේවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම පහසු කාර්යයක් නොවන බව අපි දනිමු. අපෙන් සමහරෙක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කර ඇති බැවින් අත්දැකීමෙන් බලන විට මම හිතන්නේ අපේ පැත්තෙන් එය බොහෝ දුරට වාසිදායක වනු ඇතැයි මම අපේක්ෂා කරනවා.

දකුණු අප්‍රිකානුවන් මෙරටදී සහභාගිවු පළමු පුහුණු සැසිය.

#1

#2

#3

#4

#5

#6

#7

#8

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *