ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දිනේෂ් ප්‍රියන්ත

Local news

හේරත් මුදියන්සේලාගේ දිනේශ් ප්‍රියන්ත උපත ලබන්නේ වර්ෂ 1986 ජූලි මස 15 වනදා අනුරාධපුර කාගමදී ය. එම පවුලේ දෙවෙනියා ලෙසින් දිනේශ් ප්‍රියන්ත මෙලොව එළිය දුටුවේය. කාගම ධාතුසේන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළේය.

දිනේෂ් ප්‍රියන්ත වයස අවුරුදු 12 සපිරෙන විට ජිවිතයේ අමිහිරිම අද්දැකීමකට මුහුණ දීමට සිදුවිය. එය දිනේෂ් ගේ පියා මිය යෑමයි. පියා මෙළොව හැර යාමත් සමග දිනේෂ් ට කටුක අද්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවිය. ආර්ථික අපහසුතා හේතුවෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ විමත් සමග ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදිමට තිරණය කරන ලදි.

ඔහු 2004 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය. ඔහු හමුදාවට එක් වූ කාලවකවානුවේ ඊලාම් යුද්ධය දරුණුවටම පැතිර තිබුණි. ඔහු යුද්ධයේ දී රණවිරුවෙකු වශයෙන් තුන්වන ගජබා රෙජිමේන්තුවේ සේවය කරන ලදි. රණවිරුවෙකු වශයෙන් එකළ යුද්ධයේ දී ඉදිරිපෙළ සටන් කිරිමට ඔහුට සිදුවිය.

යුද්ධය අතරතුරදී අවාසනාවන්ත සිදුවිමකට මුහුණ දීමට දිනේෂ් ට සිදුවිය. ඒ කිලිනොච්චියේ දී දිනේෂ්ගේ වම් අතට වෙඩි වැදීමයි. වෙඩි උණ්ඩ තුනක් වැදිමෙන් පසුව ඔහුගේ වම් අත අඩපණ විය. එයින් නොසැලුණු දිනේෂ් වසර 4 පමණ කාලයක් ප්‍රතිකාර ලබාගැනිමෙන් අනතුරුව දිනේෂ් ප්‍රියන්ත ක්‍රිඩාවට යොමු විය.

ජයග්‍රහණයෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත මේසේ පැවසිය.

මම මෙම අභියෝගයට මාස ගණනක් හිරු එළියේ පුහුණුවීම් කරමින් සිටියෙමි. ටෝකියෝවේ සහ ලංකාවේ දේශගුණය බොහෝ දුරට සමාන වන අතර මුල සිටම මම අඛණ්ඩව පුහුණුවීම් වල නිරත විය යැයි හේරත් ප්‍රිතිඝෝෂා මැද පැවසුවේය.

එල්.ටී.ටී.ඊයට එරෙහි මිලිටරි ක්‍රියාවකදී ඔහුගේ වම් අතට බරපතල හානි සිදු වුවත් එයින් නොසැලුණු හේරත් 2014 දී පැරා ක්‍රීඩාවට යොමු විය. නමුත් ඔහු ක්‍රීඩාව සඳහා ගත කරන කාලය වැඩි වන තරමට ඔහුගේ පවුලට එය දුෂ්කර විය. මූල්‍යමය වශයෙන් එය තිරසාර නොවීය. ඔහු හමුදාවෙන් ලැබෙන විශ්‍රාම වැටුප මත පවුල් ජිවිතය ගත කළේය.

මෙම ආර්ථික අපහසුතා මැද ක්‍රිඩාවට යොමු වූ ආකාරය මෙසේ පැහැදිලි කළේය.

මම ක්‍රීඩාව කිරීම ගැන මගේ බිරිඳ දැඩි ලෙස කලබල වුණා. කෙසේ වෙතත්, දැන් ඇය මට සහයෝගය දක්වයි. මට දරුවන් තිදෙනෙකු සිටින අතර ඔවුන් බැලීමට යන තුරු මට බලා සිටිය නොහැක යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. ආදරණීය පියකුගේ සෙනෙහස මෙයින් මනාවට අපිට පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකා අභිමානය අන්තර්ජාතික ක්‍රිඩා ඉතිහාසයේ රන් අකුරින් ලිවිමට අපරිමිත ලෙස කැපවූ දිනේෂ් ප්‍රියන්ත රණවිරුවාට මුළු මහත් ශ්‍රී ලංකික ජනතාව සදා ණයගැතිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *