හෙට පැවැත්වෙන පළමු එක්දින තරගාවලියට වෙනස්කම් සමගින් ක්‍රිඩා කල හැකි කණ්ඩායම මෙන්න

Sports News

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී හෙට පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගාවලිය දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත. කලකට පසුව දිනේෂ් චන්දිමාල්ද කණ්ඩායමට කැදවා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ට මෙම එක්දින තරගාවලිය මග හැරෙනු ඇත. එමෙන්ම ඔහු විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කරනු ඇති බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි. එම හේතුවෙන් ආරම්භ පිතිකරු යුගලය ලෙස දිනේෂ් චන්දිමාල් සමගින් අවිශ්ක ප්‍රනාන්දු කටයුතු කරනු ඇත.

කණ්ඩායමේ ප්‍රදාන වේගපන්දු යවන්නා වශයෙන් දුෂ්මන්ත චමීර කටයුතු කරනු ඇත. සෙසු වේග පන්දු යවන්නන් වශයෙන් චාමික කරුණාරත්න, නායක දසුන් චානක කටයුතු කිරිමට බොහෝ දුරට ඉඩ ඇත. දඟ පන්දු යවන්නන් වන්නේ පා දඟ පන්දු යවන ක්‍රිඩක වනිදු හසරන්ග, අකිල ධනන්ජය කටයුතු කරනු ඇති බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

දකුණු අප්‍රිකාව සමග පලමු එක්දින තරගයට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලන්කා කණ්ඩායම මෙසේයි.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. දිනේෂ් චන්දිමාල්

3. භානුක රාජපක්ෂ

4. ධනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් ශානක

7. වනිදු හසරන්ග

8. චාමික කරුණාරත්න

9. අකිල ධනන්ජය

10. බිනුර ප්‍රනාන්දු

11. දුශ්මන්ත චමීර

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *