ඩේල් ස්ටේන් ක්‍රිකට් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරයි

Sports News

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන සුපිරි ක්‍රිකට් ක්‍රිඩක ඩේල් ස්ටේන් සියළුම ආකාරයේ ක්‍රිකට් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය. ස්ටේන් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් සමාජ මාධ්‍ය වෙත පැවසුවේ “අද මම නිල වශයෙන් මම වඩාත්ම කැමති ක්‍රීඩාවෙන් විශ්‍රාම යමි. ” යනුවෙන් ඔහු නිල වශයෙන් ප්‍රකාශ කළේය.

පවුලේ සිට කණ්ඩායමේ සාමාජිකයින් දක්වා, මාධ්‍යවේදීන්ගෙන්, රසිකයන්ගෙන්, ඇදහිය නොහැකි ගමනක් යෑමට සහය වූ සැමට ස්තුතියි යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

සීමිත පන්දුවාර ආකෘති කෙරෙහි අවධානය යොමු කරමින් 2019 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ස්ටේන් අවසන් වරට 2020 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කළේය. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 තරගයක් ලෙසිනි. නමුත් පසුගිය වසර කිහිපය තුළදී විශේෂයෙන් වෘත්තීය දිවියකට පසුවත් නිතර නිතර ආබාධවලට ලක්වන්නට ස්ටේන් ට සිදුවිය.

ඔහු මේ වසරේ මාර්තු මාසයේදී පකිස්ථානු සුපර් ලීගය ඇතුළුව ඉන් අනතුරුව විස්සයි 20 ෆ්‍රැන්චයිස් ලීග වලට ක්‍රීඩා කළේය. ඔහු අයි.පී.එල් තරගාවලියෙන්ද ඉවත් වූ නමුත් ඔහු විශ්‍රාම නොයන බව අවධාරනය කළේය. කෙසේ වෙතත්, ඊයේ ඔහු සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතය අවසන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *