එළඹෙන ලෝක කුසලානය සදහා පිතිකරන උපදේශක ලෙස බ්‍රෙන්ඩන් මැකලම් එක්වන ලකුණු

Sports News

බ්‍රෙන්ඩන් බැරී මැකලම් උපත ලබන්නේ 1981 සැප්තැම්බර් මස 27 වන දිනයි. මැකලම් යනු හිටපු නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරු, ක්‍රිකට් විස්තර විචාරක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි, ඔහු සියලු ආකාරයේ ක්‍රිකට් තරග ක්‍රීඩා කළ අතර නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයා ද වෙයි.

මැකලම් ටෙස්ට් තරග සඳහා ද වේගවත් ලකුණු ලබාගන්නා ක්‍රිඩකයෙක් වන අතර ඔහු වේගවත්ම ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඔහු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු ලෙස සැලකේ. ඔහු 2019 අගෝස්තු මාසයේදී සියලුම ආකාරයේ ක්‍රිකට් තරග වලින් විශ්‍රාම ගත්තේය.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණු උපදේශකවරයෙකු ලෙස නවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රිඩක බ්‍රෙන්ඩන් මැක්ලම් එක් කර ගැනීමට සාකච්ඡාවක් පවත්වා ඇති බවට වාර්ථා වේ.

බ්‍රෙන්ඩන් මැකලම් මේ වනවිටත් නවසීලන්ත කණ්ඩායමේ පිතිකරන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.

කොහොම වුනත් මෙම තිරණය ඉතා හොද තීරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ ඉදිරි ගමන සදහා. නායක දසුන් චානක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ Death overs වල සාර්ථකව පහරදීමට ලකුණු රැස්කිරිමට හොද පුහුණුවක් ලබාගත යුතු බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ පිතිකරන පුහුණුකරු ලෙස බ්‍රෙන්ඩන් මැකලම් මහතා සම්බන්ධ කරගැනිමට කටයුතු කර ඇත.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බ්‍රෙන්ඩන් මැකලම් මහතා අතර තවම සාකච්ඡා මට්ටමේ පවති බොහෝදුරට ඔහු පිතිකරන උපදේශක ලෙස කටයුතු කරනු ඇතැයි විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *