නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී තවදුරටත් ඉදිරියට

Sports News

දිමුත් කරුණාරත්න යනු වෘත්තීයමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වේ. ඔහු ටෙස්ට් හා එක්දින තරඟ රටා දෙකම නියෝජනය කරන අතර හිටපු එක්දින කණ්ඩායමේ නායකයෙක් ද වේ.

2015 වසරේ සිට දිමුත් කරුණාරත්න ටෙස්ට් තරඟ වල දෙවන ඉනිමේදී ශතක රැස් කිරීම හේතුවෙන් ටෙස්ට් තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියෙන්ම සිටි පිතිකරුවා බවට පත්විය. බොහෝ විචාරකයින් විසින් ඔහු දෙවෙනි ඉනිමේ පිතිකරන විශේෂඥයෙකු ලෙස විස්තර කරයි. 2017 වර්ෂයේ ඔක්තෝබර් දක්වා ඔහු ලබා ගත් ශතක 6 න් දෙවන ඉනිමේදී ඔහු ශතක 4 ක් රැස් කළේය.

තිලකරත්න ඩිල්ෂාන් ගෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හී වර්ෂයකදී ටෙස්ට් ශතක තුනක් වාර්තා කළ දෙවන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු බවට පත්විමට දිමුත් කරුණාරත්න ට හැකිවිය. 2019 පෙබරවාරි මාසයේදී ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වූ ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස නම් කරන ලදී.

2019 අප්‍රේල් මාසයේදී ලසිත් මාලිංග වෙනුවට 2019 ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලානයට පෙර දිමුත් කරුණාරත්න කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන ලදී.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල 11 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත එම ශේණිගත කිරිම් හී පළමුවන ස්ථානය එන්ගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝ රූට් හිමිකරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *