පළමු එක්දින තරගය ජයග්‍රහණයෙන් පසුව නායක දසුන් කීයූ කතාව මෙන්න

Sports News

ඊයේ පැවති දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා පළමු එක්දින තරගය තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම එක්දින තරගයේ ජය වාර්ථා කළේය. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ඉදිරියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු රැස්කිරිමට අසීරුවිය. නවක ක්‍රිඩක ප්‍රවින් ජයවික්‍රම, චාමික කරුණාරත්න තම රාජකාරිය අකුරටම ඉෂ්ට කළේය.

තරගයක් ජයග්‍රහණය කිරිමට හොද ආරම්භයක් අවශ්‍ය වේ. එම වගකීම නවක ක්‍රිඩක අවිශ්ක ප්‍රනාන්දු අකුරටම ඉටුකර කණ්ඩායමේ ස්ථාවර බාවය ඇති කළේය. එමෙන්ම ඔහු බෝල 115 කට අගනා ලකුණු 118 රැස්කිරිම සමත් විය. අවිශ්ක ප්‍රනාන්දු දැක්වූ එම දස්කම ශ්‍රී ලංකානු ක්‍රිඩකයෙක් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගයකදී ශතකයක් ලබා ගත් 6 වෙනි ක්‍රිඩකයා බවට අවිශ්ක ප්‍රනාන්දු පත් විය.

තරගාවලියේ වීරයා වූ අවිශ්ක ප්‍රනාන්දු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවේය “මගේ ඉනිම ගැන ගොඩක් සතුටුයි, මොකද මම හැම තිස්සෙම බලන්නේ ටීම් එකට පුලුවන් උපරිම දේ කරන්න. මට මුල් ටිකේ මගේ විදිහට ගහන්න බැරි උනා හැබැයි මම ටීම් එක ගැන හිතලා මගේ විදිහට කරලා සීයකුත් ගහලා ටීම් එක වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරා කියලා හිතනවා. දේශිය පැවති ආරාධිත විස්සයි විස්ස තරගාවලිය මට ගොඩාක් වැදගත් උනා මේ තරගාවලියට එනකොට.”

පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායක දසුන් චානක වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙය ඉතා හොද ජයග්‍රහණයක්. අවසන් මොහොතේ ඔවුන් තරගයට පිවිසුනත්, අපේ පන්දු යවන්නන් එයට ඉඩ දුන්නේ නෑ අපි හොදින් ආරම්භයක් ලබා ගත්තා. මිනෝද් සහ අවිශ්ක පසුව දනන්ජය ද සිල්වා සහ චරිත් අසලන්ක ඉතා හොදින් ක්‍රිඩා කළා. ස්ථාවරත්වය සහ සැලැස්ම වූයේ 40 වැනි ඕවරය දක්වා කඩුලු අතේ තබා ගැනිමයි. අපි වේගය හොදින් පවත්වාගෙන ගියා. ඊළඟ තරගයේදී ඔවුන් ඉතා හොදින් පැමිණෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *