ශ්‍රි ලංකා 19න් පහල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතා – සම්පූර්ණ විස්තරය

Sports News

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පරිපාලන මණ්ඩලය විසින් පිතිකරණ පුහුණුකරු තනතුර සඳහා අවිශ්ක ගුණවර්ධන මහතාට කතා කර තිබූ අතර, මෙම මස පාකිස්ථානයට එරෙහිව හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය සඳහා තාවකාලිකව එම තනතුර භාර ගැනීමට ඔහු එකඟ වී තිබුණ අතර පවතින කොරෝනා වසන්ගතය හේතුවෙන් එම තරගාවලිය කල් ගියේය.

කෙසේ වෙතත්, අවිශ්ක ගුනවර්ධන සැම විටම බලාපොරොත්තු වූයේ විදේශ කණ්ඩායමක පුහුණුකරු ධූරයක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ දීර්ඝ කාලීන කාර්යභාරයක් කිරිමටය. අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අල්ලා ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් වැඩසටහන වටා පැවති අවිනිශ්චිත භාවය ද ගුණවර්ධනට එම තනතුරෙන් ඉවත් වීමට හේතු වූ අතර ඔහු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙස රැකියාව භාර ගැනීමට නිදහස ලැබුණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අවිශ්ක ගුණවර්ධන මහතා Espncricinfo මාධ්‍ය සාකච්ඡාවේදී මෙසේ ප්‍රකාශ කළේය ” එළඹෙන 19 න් පහළ ලෝක කුසලානය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. ඒ නිසා පිරිමි ළමයින් ඒ සඳහා සූදානම් කිරීමට මට ඇත්තේ දින 100 ක් පමණි” යනුවෙන් ගුණවර්ධන මහතා පැවසීය. “මේ පිරිමි ළමයින්ගෙන් බොහෝ දෙනෙක් පසුගිය මාස 18 පුරාම ක්‍රීඩා කර නැහැ එයට හේතුව රට තුල පවතින කොරෝනා වසන්ගතයයි. ඒ නිසා කරන්නට වැඩ ගොඩක් තිබේ.” යනුවෙන් ගුණවර්ධන මහතා පැවසුවේය.

මැයි මාසයේදී අයි.සී.සී විසින් දූෂණ චෝදනා වලින් නිදහස් කිරීමෙන් පසුව ගුණවර්ධනගේ පළමු ප්‍රධාන පුහුණුකරු තනතුර මෙය වනු ඇත. ගුණවර්ධන මීට පෙර ශ්‍රී ලංකාවේ 19 න් පහළ කණ්ඩායම සමඟ කටයුතු කර ඇති අතර, ඔහු සැකයට භාජනය වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඇඟවීමෙන් පසු එම තනතුර අත්හිටුවීමට කටයුතු කර ඇත. ඊට පෙර වසර ගණනාවක් ඔහු ශ්‍රී ලංකා ඒ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.

එම ක්‍රියාවලිය තුළින් ගුණවර්ධන සිය නිර්දෝෂීභාවය පවත්වා ගත්තේය. මෑතකදී එවැනි අවධානයක් යොමු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරේ සිට ඔහුට එරෙහිව සියලු චෝදනා ඉවත් කර ඇති එකම පුද්ගලයා ඔහුය. එළඹෙන 19 න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට මෙය මනා පිටුවහල් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *