දෙවන එක්දින තරගයේ ආරම්භ පිතිකරු යුගලය – සම්පූර්ණ විස්තරය

Sports News

පළමු එක්දින තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන දෙවන එක්දින තරගය සදහා පිවසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.

ආරම්භක පිතිකරනය ගත්තොත් මිනෝද් භානුක සහ අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායම බලාපොරොත්තු වුන ආරම්භය පසුගිය තරගයේදී ලබා දුන්නා. සාමාන්‍යයෙන් එක්දින තරගයක සම්ප්‍රදායක් වන්නේ කණ්ඩායමේ පිතිකරන ලැයිස්තුවේ මුල් පිතිකරුවන් හතර දෙනා දිගු ඉනිම් සෙල්ලම් කරන්න ඕනි කියන එක.

අපේ කණ්ඩායම ගත්තොත් දිගු ඉනිම් සෙල්ලම් කරන්න ඉන්නේ අවිශ්ක ප්‍රනාන්දු , දනන්ජය ද සිල්වා සහ චරිත් අසලන්ක විතරයි. භානුක රාජපක්ෂ කියන්නේ වේගයෙන් ලකුණු රැස්කරන ක්‍රිඩකයෙක් එනම් ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙස හැඳින්විය හැක. ඒක තමයි භානුකගේ ස්ටයිල් එක එම නිසා අද තරගයේ බොහෝ දුරට භානුක 3 ස්ථානයේ ක්‍රිඩා කරනු ඇත.

මිනෝද් භානුක ගතහොත් පසුගිය කාලයේම ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී කිසිදු දිගු ඉනිමක් දියත් කර නැත. ඉතින් කණ්ඩායමට මිනෝද්ගෙන් දිගු ඉනිම් බලාපොරොත්තු වෙන්න බැහැ එම නිසා මෙම තරගයේ දී මිනෝද්ට පවරලා තියෙන ජොබ් එක තමා මුල් ඕවර 10 තුල කඩුල්ලේ ඉදලා අවිශ්ක ප්‍රනාන්දුට සපෝර්ට් කරන එක. පසුගිය පැවති තරගයේදී මිනෝද් භානුක තම රාජකාරිය අකුරටම ඉටුකළේය.

අද පැවැත්වෙන දෙවන එක්දින තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 2.30 ආරම්භ වීමට නියමිතය. ආරම්භ පිතිකරු යුගලය ලෙස අවිශ්ක ප්‍රනාන්දු සමගින් මිනෝද් භානුක කටයුතු කරනු ඇති බවට විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

#1

#2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *