සනත් ජයසූරිය මහතා චරිත් අසලන්ක ගැන පළකර අනාවැකිය

Sports News

චරිත් අසලන්ක යනු වර්තමානයේ වඩාත් කතාබහට ලක්වෙන තරුණ ක්‍රිකට් ක්‍රිඩකයෙකි බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වීමට හේතුව නම් ඔහුගේ පිතිකරන හැකියාවයි.

චරිත් අසලන්ක ගැන අවිශ්ක ප්‍රනාන්දු පැවති මාධ්‍ය සාකච්ඡාවක මෙසේ ප්‍රකාශ කළේය ” අවුරුදු 15 ඉඳලම මමයි චරිතුයි එකට ක්‍රිඩා කරන්නේ ඇත්තටම එයා සෙල්ලම් කරන විදිහයි මම සෙල්ලම් කරන විදිහයි දෙන්නට දෙන්නා දන්නවා. මම සෙල්ලම් කරද්දි චරිත් මට වෙන්න ඕනි දේවල් කියනවා. මම එයාටත් එහෙම කියනවා. ඒ නිසා සෑහෙන ලොකු අවබෝධයක් අපි දෙන්නා අතර තියෙනවා ඒක කණ්ඩායමට ගොඩක් වටිනවා. පසුගිය තරගයේ අපේ ඉලක්කය තිබ්බේ ලකුණු 270 වගේ. හැබැයි අපි සෙල්ලම් කරපු විදිහට ලකුණු 300 කට යන්න පුලුවන් වුණා ”

එමෙන්ම හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා චරිත් අසලන්ක ගැන මේසේ අනාවැකියක් පල කළේය.

” චරිත් අසලන්ක කියන්නේ ලොකු හැකියාවක් තියෙන ක්‍රිඩකයෙක් එයා අපේ හිටපු අන්ඩර් 19 පහළ කණ්ඩායමේ කැප්ටන්. A ටීම් එකේ සෙල්ලම් කරලා තියෙනවා. එයාට ලැබුණු අවස්ථාව හොදින් අරගෙන තියෙනවා. අන්ක 5 කියන්නේ ක්‍රිඩා කරන්න ලේසි තැනක් නෙමෙයි. එක්කෝ ඉක්මනට කඩුලු වැටිලා, නැත්නම් රේට් එක තියාගෙන ගහන්න ඕනී. එහෙම නෙමෙයි නම් අන්තිම අය එක්ක බැට් කරන්න ඕනී. එයා ඒ දේවල් වලට ගැලපෙන කෙනෙක්. ලොකු අනාගතයක් තියෙන ප්ලේයර් කෙනෙක්. එයාව මැනේජ් කරන්න ඕනී. කොච්චර ලකුණු ගැහුවත් මදි කියලා එයාට දැනෙන්න ඕනී. මේ ක්‍රිඩකයා වෙනුවෙන් කරන ආයෝජනය ගොඩක් වටිනවා, මොකද චරිත් කියන්නේ අන්ක 3,4,5 කියන ඕනිම තැනක බැට් කරන්න පුලුවන් කෙනෙක්. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *