නායක දසුන් චානක පිළිබඳ ලෝක පූජිත සනත් ජයසූරියගේ මතය – සම්පූර්ණ විස්තරය

Sports News

මැදගමගමගේ දසුන් ශානක යනු වෘත්තීයමය වශයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර දැනට ඔහු සියලුම ක්‍රිකට් ආකෘති එනම් ටෙස්ට්,එක්දින,විස්සයි විස්ස ක්‍රීඩා කරන ක්‍රිඩකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර නායකයා වශයෙන් ද ඔහු කටයුතු කරයි.

ශානක සාමාන්‍යයෙන් දකුණත් මධ්‍යම වේග පන්දු යවයි, පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරයි. ඔහුගේ නායකත්වය වර්තමානයේ වඩාත් කතාබහට ලක්වේ එයට හේතුව පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විවිධ ක්‍රිඩකයන් විසින් මෙහෙයවනු ලැබුවේය. එහෙත් පසුගිය කාලයේ කිසිම නායකයෙකුට තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට නොහැකි විය.

එම හේතුවෙන් දසුන් ශානකට නායකත්වය හිමිවිමත් සමග කණ්ඩායමේ යම්කිසි ප්‍රගතියක් දක්නට ලැබේ. ඔහුගේ නායකත්වය යටතේ මෙහෙයවූ පළමු විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කිරිමට ඔහු සමත් වෙනවා ඒ එවකට ලොව අන්ක එකේ විස්සයි විස්ස කණ්ඩායමයි.

පකිස්ථාන තරගාවලි ජයග්‍රහණයත් සමග ඔහුගේ නායකත්වය කතා බහට ලක්විය. ඉන්පසු ඔහුට පසුගිය ඉන්දීය තරගාවලියේ නායකත්වය හිමිවිමත් සමග එම තරගාවලියේ විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවෙනවා එම හේතුවෙන් දසුන් චානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර නායකයෙක් ලෙස කණ්ඩායමට තෝරාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා.

දසුන් චානකගේ නායකත්වය පිළිබඳව ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩක, හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා දක්වන්නේ මෙවන් අදහසක්.

දසුන් චානකට තව කල් දෙන්න ඕන එයාගේ ගේම් එක ගහන්න. ලේසි වෙන්නේ නැහැ හැබැයි එයාට පුලුවන්, දසුන් චානක කියන ක්‍රිඩකයා නායකයෙක් හැටියට එයා ඔප්පු කරලා පෙන්නුවා පකිස්ථාන් ගිහිල්ලා ඔහුට පුලුවන් කියලා දිනලම පෙන්නුවා. හැබැයි එයා එයාගේ ගේම් එක වැඩිදියුණු කරන්න ඕනේ, එයාට වෙලාව දෙන්න ඕන නායකයෙක් හැටියට ඒකට. මොකද එයාට ඇවිල්ලා එකපාරට කණ්ඩායමක් පාලනය කරන්නයි, බෝල් කරන්නයි, බැට් කරන්නයි, මැච් දිනන්නයි ඒ හැමදේම කරන්න තියෙනවනේ ඒක නිසා අපි අවස්ථාවක් දෙන්න ඕනේ, එයාට ඒ අවස්ථාව දීලා, එයාට ඒ නිදහස දීලා එයාගෙන් උපරිම ප්‍රයෝජන අපි ගන්න ඕන.

මම හිතනවා එයා දන්නවා එයාගෙන් වෙන්න ඕන දේ සමහර වෙලාවට එයා ඇටෑකින් ක්‍රිකටර් කෙනෙක් , හැබැයි සමහර වෙලාවට අපිට පේන්න පුලුවන් මෙයා ටිකක් අල්ල අල්ල ස්ථාවර වෙන්න බලනවා කියලා ගේම් එකේ එහෙම වෙන්න හොද නැහැ.

එයා උනත් මැච් දිනාගෙන ආත්ම විශ්වාසය ගොඩනැගෙන කොට එයා ඇවිල්ලා පළවෙනි බෝලෙට උනත් වැටුනොත් ගහයි. හැබැයි ඒකට තව චුට්ටක් එයාට කාලය දෙන්න ඕන. ඒ ආත්ම විශ්වාසය හදාගන්න. ඒක ලේසි වෙන්නෑ , හැබැයි එයාට පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *