භානුක මීට වඩා වගකීමෙන් ක්‍රිඩා කල යුතුයි – ලසිත් මාලිංග

Sports News

ඊයේ පැවති දෙවන එක්දින තරගය ආරම්භක පිතිකරුවන්ගේ දුර්වලතාවය හේතුවෙන් පරාජයට පත්විමට සිදුවිය. දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් කිසිදු ආරම්භක පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණිම අවස්ථාව ලබා දුන්නේ නැත. පා දඟ පන්දු යවන ක්‍රිඩක ටබ්රයිස් ෂම්සි තම එක්දින දිවියේ හොදම පන්දු යැවිම සිදු කළේය ඒ පන්දුවාර 7.4 කදී කඩුලු 5 දවාගනිමිනි.

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රිඩක, හිටපු විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මහතා පිතිකරනය, පන්දු යැවිම ගැන දක්වන්නේ මෙවන් අදහසක්.

නොම්බර 5 කියන්නේ ක්‍රිඩා කරන්න ලේසි තැනක් නෙවේ. කණ්ඩායමේ රිද්මය, ලකුණු ලබා ගැනීමේ වේගය හරියටම පවත්වාගන්න ඕනෙ තැනක් චරිත් අසලන්ක නවක ක්‍රිඩකයෙක් වුණත් ඔහු තරගය පාලනය කරපු විදිහෙන් පෙන්නුම් කරන්නේ ඔහු අන්ක 5 ස්ථානය සෙල්ලම් කරන්න වඩාත්ම සුදුසුයි කියලා.

එමෙන්ම මිනෝද් භානුක දැන ගන්න ඕනි එයා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙක් කියලා, ඒ වගේම අන්ක තුන කියන්නේ වගකීම් වැඩිම ස්ථානය නිසා භානුක රාජපක්ෂ මීට වඩා වගකීමෙන් ක්‍රිඩා කරන්න ඕනේ. අපේ වේගපන්දු යවන්නෝ පන්දුව දෝලනය කලේ නැහැ. ඒ වගේම ඔවුන් වේගයෙන් පන්දුව පිත්තට එනවාට කැමති නිසා පන්දුවේ වේගය අඩාල කරන්න ඕනේ. අකිල කණ්ඩායමේ ක්‍රිඩා කල යුතුම ක්‍රිඩකයෙක් නමුත් ඔහු හැම පන්දුවෙන්ම කඩුලු ලබාගන්න උත්සාහ නොකර ඉවසීමෙන් පන්දු යැවිය යුතුයි. එමෙන්ම කණ්ඩායමේ වෙනසක් විය යුතු නැහැ යනුවෙන් ලසිත් මාලිංග මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *