පළමු විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය – සම්පූර්ණ විස්තරය

Sports News

ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තරග ජයග්‍රහණය කිරීම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබේ. ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පසු වුවත් ශ්‍රී ලංකා දසුන් ශානක සඳහන් කර සිටින්නේ තරගයේ වැඩි වාසි පවතින්නේ තම කණ්ඩායම සතුව බවයි.

ලොව වේගවත්ම පන්දු යවන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින කාගිසෝ රබඩා සහ ලුන්ගි න්ගිඩි දෙදෙනා දකුණු අප්‍රිකානු කණ්ඩායම සතූවිම විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකාව දැඩි අභියෝගයකි. එමෙන්ම සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරු වන ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් මෙම විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කරනු ඇත.

කෝරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ට එක්දින තරගාවලිය අහිමි වුවත් ඔහු විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමානයේ හිටපු දක්ෂතම ආරම්භ පිතිකරු යුගලය ලෙස කටයුතු කළේ දනුෂ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා ය. නමුත් එන්ගලන්ත සන්චාරයේ දී විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ගුණතිලකට වසරක තරග තහනමකට ලක්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. ගුණතිලක නොමැතිවීම විස්සයි විස්ස කණ්ඩායමට විශාල පාඩුවකි.

එම හේතුවෙන් එළඹෙන සැප්තැම්බර් 10 වන සිකුරාදා පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කටයුතු කරන්නේ කුසල් ජනිත් පේරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දු වේ.

#1

#2

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *