අවසන් එක්දින තරඟයට කුසල් ජනිත් පෙරේරා එක් වන ලකුණු – සම්පූර්ණ විස්තරය

Sports News

හෙට පැවැත්වීමට නියමිත තීරණාත්මක අවසන් එක්දින තරගාවලිය සදහා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා ක්‍රිඩා කරනු ඇති බවට විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි. ඔහු මෙම තරගාවලිය සදහා සහභාගි වීමට සිටියත් අවාසනාවන්ත ලෙස කොරෝනා වසන්ගත රෝගයට ගොදුරු වීමට සිදුවිය.

එම හේතුවෙන් ඔහුට පළමු එක්දින තරග දෙක මගහැරී ගියේය. වාර්තා වන ආකාරයට ඔහු නිරෝගී සුවයෙන් සිටින නිසා අවසන් එක්දින තරගාවලිය සදහා ඔහුට එක්විමට හැකියාව ලැබී ඇත.

එම නිසා අවසන් එක්දින තරගාවලියේදී මිනෝද් භානුකට තම ස්ථානය අහිමිවිමට වැඩි ඉඩක් පවති. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අද්දැකීම් බහුල ප්‍රහාරාත්මක පිතිකරු වන්නේ කුසල් ජනිත් පේරේරා ය.

එම හේතුවෙන් එළඹෙන සැප්තැම්බර් 7 වන අගහරුවාදා පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කටයුතු කරන්නේ කුසල් ජනිත් පේරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *