රොෂාන් අබේසිංහ භානුක රාජපක්ෂ ගැන කීයූ කතාව – සම්පූර්ණ විස්තරය

Sports News

ලින්කන් ක්ලෙමන්ට් රොෂාන් අබේසිංහ යනු ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන අතර වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ක්‍රිකට් විස්තර විචාරකයින් අතරින් රොෂාන් අබේසිංහට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන වෘත්තීයමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙස සැලකේ. කාලයක් ක්‍රිකට් වලින් ඈත්ව සිටීමට ඔහුට සිදුවිය.

ඔහුට ලැබුණු පසුගිය ඉන්දීය තරගාවලි සන්චාරයේදි ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔහු සමත් විය. වර්තමානයේ ඔහු ක්‍රිඩා කරන්නේ නොම්බර තුනේ ස්ථානයයි. නමුත් පසුගිය පැවති දකුණු අප්‍රිකානු එක්දින තරගාවලි දෙකේදී ඔහුට සුපුරුදු දක්ෂතා අතරට පැමිණිමට නොහැකිවීය . අවාසනාවන්ත ලෙස ලකුණු නොලබා දැවි යාමට ඔහුට සිදුවිය.

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා භානුක රාජපක්ෂ ගැන දක්වන්නේ මෙවන් අදහසක්.

භානුක රාජපක්ෂ ගැන මට දුකයි! අපි ඒ ගොල්ලන්ගේ දඟ පන්දු යවන්නන්ට ගහපු විදිහයි, ඔවුන් අපේ දඟ පන්දු යවන්නන්ට ගහපු විදිහයි ගොඩක් වෙනස්. බලන්නකෝ අර සවුත් අප්‍රිකානු අය ස්වීප් ශොට් එක ගහන හැටි. මලාන්,ඩූසන් ඒ සෙට් එකම ස්වීප් කරනවා හොදටම.

ඒත් අපේ බැට්ස්මන් ලා ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්ට ඇටෑක් නොකරන බවක් තමයි පේන්නේ. අපේ ස්වීප් එක ගහපු බැට්ස්මන් ලා මම දැක්කෙ චරිත් අසලන්ක විතරයි. වෙන කවුරුත් ස්වීප් ශොට් එක ගැහුවේ නැහැ. තුන්වැනි තරගයේ මම හිතනවා වෙනස්කම් එකක් හෝ දෙකක් වෙයි කියලා.

භානුක රාජපක්ෂ ගැන මට ඇත්තටම දුකයි, මොකද එදා භානුකට වැටුණ බෝලේ ඕනිම බැට්ස්මන් කෙනෙක්ට වැටුනත් බොහෝදුරට අවුට් වෙනවා. මං හිතන්නේ භානුක රාජපක්ෂ කියන්නේ, මැච් විනර්ස් ප්ලේයර් කෙනෙක් ගේම් එක වෙනස් කරන්න පුලුවන් එයාගේ බැටින් එකට. ඉතින් සිලෙක්ටස්ලා තීරණයක් ගන්ඩ ඕනී එයා ගැන, තව තරගයක් දෙනවද , නැද්ද කියලා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *