තීරණාත්මක අවසන් එක්දින තරගය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

අද පැවැත්වීමට නියමිත තීරණාත්මක අවසන් එක්දින තරගාවලිය දිවා රාත්‍රි තරගයක් ලෙස ආරම්භ කිරිමට සියලුම කටයුතු මේ වනවිටත් සුදානම්ව පවති. ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා අවසන් එක්දින තරගය සදහා ක්‍රිඩා නොකරන බව සදහන් වේ. ඔහු එළඹෙන විස්සයි විස්ස තරගාවලිය සදහා එක්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේ කණ්ඩායමේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුවිය හැකි බවයි. බොහෝ දුරට අද පැවැත්වෙන අවසන් එක්දින තරගාවලිය සදහා මිනෝද් භානුක වෙනුවට හිටපු ශ්‍රි ලන්කා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් එක්වෙනු ඇති බවට විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

එමෙන්ම දඟ පන්දු යවන ක්‍රිඩක ප්‍රවින් ජයවික්‍රම වෙනුවට මහේෂ් තීක්ෂන හෝ පුලින දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම එක්විමට බොහෝදුරට ඉඩ ඇත, තවද ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතා අතර සිටි කමිදු මෙන්ඩිස් ද අවසන් එක්දින තරගාවලිය සදහා ක්‍රිඩා කිරිමට බොහෝ දුරට ඉඩ ඇත.

දෙවන එක්දින තරගයේ ලද පරාජයත් සමග තීරණාත්මක අවසන් එක්දින තරගාවලිය සදහා ක්‍රිඩා කළ හැකි කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක, බොහෝදුරට මෙම කණ්ඩායම ක්‍රිඩා කිරිමට වැඩි ඉඩකඩක් ඇත.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. දිනේෂ් චන්දිමාල්

3. කමිදු මෙන්ඩිස්

4. දනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. අකිල දනන්ජය

10. දුෂ්මන්ත චමීර

11. මහේෂ් තීක්ෂන

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *