ජයග්‍රහණයත් සමග ලෝක කුසලානය ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පියවර කිහිපයක් ඉදිරියට

Sports News

වසර අටකට පසුව ශ්‍රි ලංකාව දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරලා එක්දින තරගාවලියක් ජයග්‍රහණයක් ලැබුවා. මේක නිකන්ම ජයග්‍රහණයක් නෙමෙයි එළැඹෙන ලෝක කුසලානයට හොද ආත්ම විශ්වාසයක් ඇති කරපු විජයග්‍රහණයක් ලෙස අපිට නම් කරන්න පුලුවන්.

ශ්‍රී ලංකාවේ අපිට නම් ක්‍රිකට් කියන්නෙ නිකම්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක දුවන්නෙ අපේ මිනිස්සුන්ගෙ ලේ වල. ඒ ලේ වල ගැම්ම, කීප වතාවක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක​ ශූරයින් කරන්නටත් සමත් උනා කිව්වොත් නිවැරදියි. 1996 ලෝක ශූරතාවය, T20 ශූරතාවය 2014 ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි 2007, 2011 වසර වලදී අනු ශූරයින් වූ අපේ කණ්ඩායම ටී T20 තරඟාවලියේදී 2009 සහ 2012 වසර වලදී අනු ශූරයින් බවට පත් වන්නට සමත් වුනා.

ලැබූ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

තරගයේ වීරයා සම්මානය නවක ක්‍රිඩක චරිත් අසලන්ක දිනා ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර දිනා ගත්තේය.

#1

#2

චරිත් අසලංකගේ සටන්කාමී ඉනිම මෙම තරගාවලිය ජයග්‍රහණය,විජයග්‍රහණයක් කිරිමට සමත්විය. මේ තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබුණු වටිනාම දේ තමයි සටන්කාමී ක්‍රිකට් ක්‍රිඩකයෙක් අපිට බිහිවුන එක. ඒ වෙන කවුරුත් නෙමෙයි චරිත් අසලන්කයි. අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුල චරිත් අසලන්කගේ නාමය රැව් පිළිරැව් දෙනු නොඅනුමානය.

මංගල ජාත්‍යන්තර එක්දින තරගයේ පලවෙනි පන්දුවෙන්ම තරගයේ වටිනාම කඩුල්ල ලබාගත් මහේෂ් තීක්ෂණ පන්දුවාර 10 තුල ලකුණු 37 කට කඩුලු 4 ලබාගන්න සමත් වෙනවා. මොහුත් මෙම තරගාවලි ජයග්‍රහණය පිටුපස සිටි නිහඬ විරුවෙක් ලෙස හැදින්වීමට පුළුවන.

සැප්තැම්බර් මස 10 සිකුරාදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය ද ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැකි වේවායැයි අපි ප්‍රර්ථනා කරමු !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *