ජයග්‍රහණයෙන් අනතුරුව නායක දසුන් චානක කීයූ කතාව – සම්පූර්ණ විස්තරය

Sports News

වසර අටකට පසුව ශ්‍රි ලංකාව දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කර ඊයේ ලබපු තරගාවලි ජයග්‍රහණයක් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට අලුත් බලාපොරොත්තු රැසක් ලබා දීමට මෙම නවක කණ්ඩායමට හැකිවිය. මෙය ජයග්‍රහණයක් නොව එළැඹෙන ලෝක කුසලානයට හොද ආත්ම විශ්වාසයක් ඇති කරපු විජයග්‍රහණයක් ලෙස හැදින්විය හැක.

ඊයේ ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායක දසුන් චානක මෙලෙස අදහස් පල කළේය.

පසුගිය වසර කිහිපය තුළ අපේ රටේදි එක්දින තරග මාලාවක් ජයග්‍රහණය කරේ නැහැ. ඒ නිසා මේක ගොඩක් අගය කළ යුතුයි. ක්‍රිඩකයින් ඉතා හොදින් ක්‍රිඩා කල නිසා බලාපොරොත්තු තැබිය හැකි ලෙස තවත් තරගමාලාවක් ජයග්‍රහණය කළ හැකි වුණා.

තරගයේ කාසිය වාසිය ප්‍රදාන කාර්යභාරයක් ඉටු කරන බව අපි දැන සිටි බැවින් කාසියේ වාසිය දිනා ගැනිම තරගයට හොද බලපෑමක් ඇති කරා. මෙම තණතීරුවේ 230 ක් ලකුණු සන්කයාවක් ඇතැයි මම මුලින්ම සිතුවත් 200 ක් ද ඉතා හොද ලකුණු එකතුවක් උණා. තීක්ෂන අපේ තුරුම්පුව විය. ඔහු විස්සයි විස්ස පන්දු යවන්නෙකි, නමුත් මම ඔහුව මෙම තරගයේදී ‍යොදා ගත්තා. ඔහු සැබෑ අනාගත අපේක්ෂකයෙක්..

පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තරගයේ වීරයා සම්මානය දිනාගත් නවක ක්‍රිඩක චරිත් අසලන්ක මෙලෙස අදහස් දැක්වූයේ ය.

මට කෝච් හා නායකයා ප්ලෑන් එකක් දීලා තියෙනවා. නායකයා අපේ ඔලුව හදනවා. ජුනියර් ප්ලේයර්ස්ලා අපිට මල්ලි මෙහෙම කරන්න කියලා ෆ්‍රීඩම් එකක් දෙනවා. කණ්ඩායමේ හැමෝම දැන් සතුටින් ඉන්නේ. කොහොම උනත් මම හැමවෙලේම හිතන්නේ මම තාම මදි කියලා. ගොඩක් වෙලාවට හැමෝම එක්ක කතා කරලා අදහස් ගන්නවා. තව මහන්සි වෙලා දක්ෂතා දක්වන්න මම බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *