හෙට පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි කණ්ඩායම – සම්පූර්ණ විස්තරය

Sports News

පළමු විස්සයි විස්ස තරගය හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත.

ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තරග ජයග්‍රහණය කිරීම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබේ. ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පසු වුවත් පැවති එක්දින තරගාවලි ජයග්‍රහණයක් සමග කණ්ඩායමේ ක්‍රිඩකයන් ජයග්‍රහි මානසිකත්වයෙන් සිටී.

ලොව වේගවත්ම පන්දු යවන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින කාගිසෝ රබඩා සහ ලුන්ගි න්ගිඩි දෙදෙනා දකුණු අප්‍රිකානු කණ්ඩායම සතූවිම විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකාව දැඩි අභියෝගයකි. එමෙන්ම සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරු වන ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් මෙම විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කරනු ඇත.

කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා ට එක්දින තරගාවලිය අහිමි වුවත් විස්සයි විස්ස තරගාවලිය සදහා ඔහු ආරම්භ පිතිකරු ලෙස කටයුතු කරනු ඇත. කුසල් මේ වනවිටත් සිය පුහුණුවීම් ආරම්භ කොට ඇත.

එමහේතුවෙන් පළමු විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක. බොහෝ දුරට මෙම කණ්ඩායම ක්‍රිඩා කිරිමට වැඩි ඉඩක් පවති.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. කුසල් ජනිත් පේරේරා

3. භානුක රාජපක්ෂ

4. දනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. දුෂ්මන්ත චමීර

10. ප්‍රවින් ජයවික්‍රම

11. මහේෂ් තීක්ෂන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *