දුෂ්මන්ත චමීර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාවට

Sports News

පතිර වාසන් දුෂ්මන්ත චමීර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර ආකෘති තුන සඳහාම ක්‍රීඩා කරන දක්ෂ වේගපන්දු යවන්නෙකි. මොහු වර්තමානයේ වඩාත් කතාබහට ලක්වෙන ක්‍රිකට් ක්‍රිඩකයෙකි. එයට හේතුව ඔහුගේ දක්ෂ පන්දු යැවීමයි.

පසුගිය දා පැවති දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ තරගයේ වීරයා සම්මානය දිනා ගැනිමට දුෂ්මන්ත චමීර ට හැකිවිය. එළඹෙන ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් නොහොත් RCB කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙසද දුෂ්මන්ත චමීර තෝරා ගැනිමට රෝයල් චැලෙන්ජර්ස් කළමනාකරණය කටයුතු කළේය.

එමෙන්ම 2021 වර්ෂයේ දී එක්දින ජාත්‍යන්තර තරඟයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රිඩකයින් අතරින් දුෂ්මන්ත චමීර පෙරමුණට පැමිණ ඇත. චමින්ද වාස් ගේ පුහුණුකාරිත්වය යටතේ චමිර කටයුතු කරයි.

දුෂ්මන්ත චමීර ගේ මෙම පිබිදීම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට අපිට ලොකු අවස්ථාවක්. එමෙන්ම වර්තමාන ශ්‍රි ලන්කා ක්‍රිකට් කණ්ඩායමේ නවක වේගපන්දු බලඇණියක්, දඟ පන්දු බලඇණියක් සිටී ඔවුන් ඉතා දක්ෂ පන්දුයවන්නන් ලෙස ක්‍රිකට් විස්තර විචාරකයෝ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *