ලසිත් මාලිංග ලෝක කුසලානයට ක්‍රිඩා කරයිද? – සම්පූර්ණ විස්තරය

Sports News

ලසිත් මාලිංග යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් තරුවක් වන අතර, ඔහු ශ්‍රේෂ්ඨතම සීමිත පන්දු යවන්නෙකු ලෙස සැලකෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා ද වේ. ඔහු 2014 ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ නායකයා විය.

ලසිත් මාලිංග නම ඇසූ පමණින් පිතිකරුවන් පසුගිය කාලවකවානුවේ බියට පත් විය. එයට හේතුව ඔහුගේ යෝකර් පන්දුවලට පිතිකරුවන්ට මුහුණදීමට අපහසු නිසාය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල වාර්ථා පිට වාර්තා තියන්නට ලසිත් මාලිංග ට හැකිවිය.

ඔහු ජාත්‍යන්තර එක්දින තරග රටාවෙන් සමුගත්තත් ඔහු විස්සයි විස්ස ලෝක කුසලානය හේතුවෙන් විස්සයි විස්ස තරග රටාවෙන් තවම සමුඅරන් නැත. නමුත් ඔහුට පසුගිය කාලයේ පැවති විස්සයි – 20 තරග සදහා කිසිදු ආරාධනාවක් ලැබුනේ නැත.

එයට හේතුව ශාරීරික යෝග්‍යතාව අඩු මට්ටමක පැවැතීම විය හැක. නමුත් ඔහු අවසන් වරට ක්‍රිඩා කල තරගයේදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායමේ කඩුලු හතරක් පිට පිටම දවා ගැනිමට සමත් විය. අදටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල යෝකර් රජු ලෙස කිරුලු පලදින්නේ ලසිත් මාලිංග නම් අසහාය ක්‍රිකට් ක්‍රිඩකයාය.

ඊයේ සවස PodHUB youtoube නාලිකාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිඩා කිරිම පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

දැන් ඉන්න තේරීම් කමිටුව හිතන්නේ තරුණ ක්‍රිඩකයෝ එක්ක යන්න ඕනේ කියලා. ඔවුන් හිතන්නේ අද්දැකීම් ක්‍රිඩා කරද්දි ලැබෙන්නේ කියලා. මම අන්තිමට ක්‍රිඩා කරපු නවසීලන්ත තරගාවලියේ දී පන්දු 4 න් කඩුලු 4 ක් දවාගත්තා. ඊට පස්සේ ක්‍රිඩා කරපු කොදෙව් තරගාවලියෙන් පස්සේ මට කිසිම පුහුණුවිමකටවත්, ශාරීරික යෝග්‍යතා වැඩි දියුණු කිරීමේ සැසියකටවත් සහභාගී වෙන්න අවස්ථාව සැලසුවේ නැහැ.

ඉතින් මම හිතන්නේ නෑ මෙච්චර දවසක් පුරාවට ලැබුණේ නැති අවස්ථාවක් දැන් ලැබෙයි කියලා. මම හිතනවා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මගෙන් වෙන්න තියෙන කාර්යභාරය ඉවර ඇති කියලා. මම කරපු දේවල් පොත් වල ඇති. මම හිතනවා මේ වෙද්දී මාව කපාගෙන මට වඩා හොද කෙනෙක් ඇවිත් ඇති කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *