පළමු 20-20 තරග පරාජයෙන් පසු නායක දසුන් කීයූ සන්වේදී කතාව මෙන්න

Sports News

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරඟය ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී ආරම්භ විය.

ප්‍රථම තරගයේ ජයග්‍රහණය වාර්ථා කරන්නට ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකි විය. ඔවුන් ලකුනු 28 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරගයක් ජයග්‍රහණය කිරිමට හොද ආරම්භයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. නමුත් මෙම තරගාවලියේ දී දිනේෂ් චන්දිමාල් ඇරෙන්නට කිසිදු ආරම්භක පිතිකරුවෙක් ලකුණු අතරට පැමිණියේ නැත. දිනේෂ් චන්දිමාල් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සිය හොදම ඉනිම වාර්ථා කරමින් හුදකලා ඉනිමක නිරත වෙමින් පන්දු 54 කට ලකුණු 66 ලබාගැනීමට සමත්විය.

පළමු විස්සයි විස්ස තරගාවලිය පරාජය විමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායක දසුන් චානක මෙලෙස අදහස් පලකොට ඇත.

” අපිට අභියෝග කිහිපයක් තිබුණා. ඒක පසුගිය තරග මාලාවන් කිහිපයේදී අපි සැලකිලිමත් උනා. තණතීරු විශාල සාධකයක් වුණා. නමුත් අපි ඒ අවස්ථා වලට වඩා හොදින් හැඩගැසිය යුතුයි. මම මේ තරග මාලාවේ හොදම කණ්ඩායම ක්‍රිඩා කිරිමට උත්සාහ කරමින් සිටින අතර, අපට මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිමට අවශ්‍යයි. ”

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරඟය සැප්තැම්බර් මස 12 වන ඉරිදා ප.ව. 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *