හෙට තරගයේ දී ඩිකොක්ට සහ මිලර් ට එරෙහිව භාවිත කළ හැකි උපක්‍රම – ලසිත් මාලිංග

Sports News

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරඟය හෙට ප.ව. 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී පැවැත්වීමට සියලුම කටයුතු මෙ වනවිටත් සුදානම් කොට ඇත.

දකුණු අප්‍රිකානු සුපිරි විස්සයි විස්ස ක්‍රිකට් තරු වන ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් මෙම තරගාවලියට ක්‍රිඩා කිරිම ශ්‍රී ලංකා නවක කණ්ඩායමට විශාල අභියෝගයකි.

ලොව වේගවත්ම විස්සයි විස්ස ශතකයකට හිමිකම් කියන ඩේවිඩ් මිලර්ට සහ ක්වින්ටන් ඩි කොක් ට හෙට පැවැත්වෙන තරගයේදී අහියෝග කරන්නේ කෙසේ දැයි ලෝක පූජීත සුපිරි වේගපන්දු යවන ක්‍රිඩක, හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මහතා මෙසේ පවසයි.

” ක්වින්ටන් ඩී කොක් අලුත් බෝලෙන් off- spin එකට ගහද්දි ගොඩක් දුරට අසාර්ථකයි. අවුරුදු කිහිපයකට පෙර ලංකාවේ දී ක්වින්ටන් ට සචිත්‍ර සේනානායක කිහිප වතාවක්ම දවාගත්තා off – spinner කෙනෙක් විදිහට සාර්ථකව පන්දු යවලා. ඒ නිසා සචිත්‍ර සේනානායක ඒ පන්දු යවපු විදිහට පන්දු යවන්න අපි අපේ කණ්ඩායමේ ඉන්න off-spinner කෙනෙක් පුරුදු කරන්න ඕනේ. ඒ වගේම ඩී කොක් In-swing එකට අපහසුවෙන් පහර දෙන්නෙ. ඒ නිසා අලුත් පන්දුවෙන් off-spin පන්දුවෙන් හරි In-swing පන්දුවෙන් හරි ඔහුව දවාගන්න උත්සාහ කරන්න ඕනේ. ”

” ඩේවිඩ් මිලර් ගොඩක් කැමති තමන්ගේ ඉදිරි පසට පහර දීලා ලකුණු ගන්න. ඒ වගේම ඉණ මට්ටමට එන කෙටි පන්දු වලට ඔහු හොදින් පන්දුවට පහර දෙනවා. ඔහුට එරෙහිව පාවිච්චි කරන්න පුලුවන් හොදම උපක්‍රමය තමයි wide yorkers දාන එක. එකෙන් ඔහුගේ ලකුණු ලබාගැනිමේ වේගය අඩාල කරන්න පුලුවන්. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *