වෙනස්කම් සමඟින් අද තරගයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

පසුගිය දා පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ගේ අසාර්ථක පිතිකරනය හේතුවෙන් පහසුවෙන් ජයග්‍රහණය කිරිමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවිය.

භානුක රාජපක්ෂ පැවති එක්දින තරග දෙකේදී මෙන්ම පසුගිය තරගයේදී ද ලකුණු නොලබා ක්‍රිඩාගාරයට යැවිමට දකුණු අප්‍රිකා නායක මහරාජ්ට හැකිවිය. නායක දසුන් චානක, උප නායක දනන්ජය ද සිල්වා යන ක්‍රිඩකයන්ටත් ලකුණු අතර පැමිණිමට අප්‍රිකානු දග පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.

මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිමට නම් අද පැවැත්වෙන තීරණාත්මක විස්සයි විස්ස තරගය අනිවාර්යයෙන් ජයග්‍රහණය කල යුතු වේ. එම හේතුවෙන් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අපේක්ෂා කළ හැක. තරගයක් ජයග්‍රහණයක අත්තිවාරම ලෙස හොද ආරම්භක සබදතාවක් පැවතිය යුතුයි.

අද තරගයේ ප්‍රධාන වේග පන්දු යවන්නා වශයෙන් දුෂ්මන්ත චමීර කටයුතු කරනු ඇති අතර අනෙකුත් වේග පන්දු යවන්නන් වශයෙන් චාමික කරුණාරත්න, නායක දසුන් චානක කටයුතු කරයි. කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නා වශයෙන් වනිදු හසරන්ග කටයුතු කරයි. බොහෝ දුරට අද තරගයට අකිල ධනන්ජය වෙනුවට ප්‍රවින් ජයවික්‍රම ක්‍රිඩා කරනු ඇත. එමෙන්ම පැවති තරග තුනේදීම අසාර්ථක වූ භානුක රාජපක්ෂ වෙනුවට කමිදු මෙන්ඩිස් කණ්ඩායමට කැදවිමට වැඩි ඉඩක් පවති.

එමහේතුවෙන් දෙවන විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක. බොහෝ දුරට මෙම කණ්ඩායම ක්‍රිඩා කිරිමට වැඩි ඉඩක් පවති.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. දිනේෂ් චන්දිමාල්

3. කමිදු මෙන්ඩිස්

4. දනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. දුෂ්මන්ත චමීර

10. ප්‍රවින් ජයවික්‍රම

11. මහේෂ් තීක්ෂන

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *