මං මේ තත්ත්වෙට එන්න එයත් ලොකු හේතුවක්‌ වුණා – වනිදු හසරංග –

Sports News

පින්නදූවේ වනිඳු හසරංග ද සිල්වා යනු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන පා දඟ පන්දු යවන්නෙකි. 24 හැවිරිදි ඔහු පහළ මැද පෙළ ස්ථානයේ පිතිකරණයේ යෙදෙයි. එමෙන්ම කණ්ඩායමට හොඳ ලකුණු රැස් කිරීමේ හැකියාව ද තිබේ.

ගාල්ලේ ඉපිද ජාත්‍යන්තරය ජයගත් මොහු මිට ටික කලකට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කල චතුරන්ග ද සිල්වාගේ එකම සහෝදරයයි. වනිදු සිය මංගල තරගයේදීම ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් විය. ඒ කඩුලු තුනක් පළමු තරගයේ දීම ලබාගත් තෙවැනි ක්‍රිඩකයා ලෙසය.

අවුරුදු ගාණකට පස්සේ තමයි සහෝදරයෝ දෙන්නෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ වැඩිදුරටත් අදහස් දක්වමින් වනිදු පැවසුවේ මායි අයියයි ගොඩක් වාසනාවන්ත උනා ඒ අවස්ථාව ලබාගන්න. අයියා ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරද්දි මටත් ටීම් එකට සෙල්ලම් කරන්න තිබුණා නම් කියලා හිතුන වාර අනන්තයි. එයත් එක්ක එකට ටීම් එකේ සෙල්ලම් කිරිමට ආසාවක් තියෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් වනිදු පැවසුවේ අයියා සෙල්ලම් කරනවා දැකලා තමා මාත් ක්‍රිකට් සෙල්ලම් කිරිමට පිවිසියේ. මම අවුරුදු 12 ක්‍රිකට් සෙල්ලම් කිරිමට පටන් ගත්තේ. මුලින්ම වේග පන්දු යැව්වේ. පස්සේ තමයි ලෙග්ස්ප්‍රින් දාන්න ගත්තේ. ලෙග්ස්ප්‍රින් දාන්න අරන් තාම අවුරුදු දෙකයි.

එමෙන්ම ධම්මික සුදර්ශන සහ ලක්මාල් ද සිල්වා තමයි මාව ලෙග්ස්ප්‍රින් දාන්න යොමු කළේ. ඔවුන්ට මම ස්තූතිය පුද කරනවා. අන්තිමට මම කියන්න ඕනී අයියා නොහිටින්න මම අද මෙතන නැහැ අයියා මට වඩා දක්ෂයි. මගේ බලාපොරොත්තුව අපි දෙන්නා එකට ජාතික කණ්ඩායම නියෝජනය කරන එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *