භානුක වැටුණු වලෙන් ගොඩ එන්නේ කොහොමද – මාලිංග අදහස් දක්වයි

Sports News

භානුක රාජපක්ෂ වෘත්තීයමය වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර, ඔහු ජාතික කණ්ඩායම සඳහා සීමිත ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරයි. ඔහු වමත් පිතිකරුවෙකි. භානුක රාජපක්ෂ සාමාන්‍යයෙන් දිගු ඉනිම් සෙල්ලම් කරන ක්‍රිඩකයෙක් නෙමෙයි ඔහු ප්‍රවේගකාරි පිතිකරුවෙකි.

පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ අසාර්ථක වුවත් මොහු පසුගිය ඉන්දීය තරගය, පකිස්ථාන සිමිත පන්දුවාර තරගාවලියේ දී සුපුරුදු දක්ෂතා අතර සිටිය ක්‍රිඩකයෙකි. ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී ලකුණු 20 කට අවාසනාවන්ත ලෙස දැවි යාමට ඔහුට සිදුවිය. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා ද භානුක රාජපක්ෂ නම් කොට ඇත එමහේතුවෙන් ඔහු සිය සුපුරුදු රිද්මයට පැමිණිය යුතුවේ.

භානුක රාජපක්ෂ ගේ පසුබැසිම පිළිබඳව ලෝක පූජිත වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග දක්වන්නේ මෙවන් අදහසක්.

තරග තුනකදි ක්‍රිඩකයෙක් එක දිගට අසාර්ථක වෙනවා කියන්නේ එක්දින සහ T20, තරග වලදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔහු පන්දුව තෝරා බේරා ගන්න විදිහ සහ හිතන විදිහ ගැන විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු වමත් දග පන්දු යවන්නන්ට මුණ දෙන විදිහ හරිද කියලා ඔහු කල්පනා කරන්න ඕනේ. භානුක රාජපක්ෂ හිතනවා නම් ඔහුට කඩුල්ලට හැඩ ගැහෙන්න පන්දු දෙක තුනක් යනවා කියලා, ඔහූ ඒ පන්දු දෙක තුන ගන්න ඕනේ.

මොකද ඔහුට පහරවල් තියෙනවා ඒක Recover කරගන්න තරග තුනේදීම ඔහු ලකුණු නොලබා දැවි ගිය නිසා භානුක බලන්න ඕනී පළවෙනි ලකුණු 4,5 ගහන්නේ කොහොමද කියලා. එතැනින් මේ T20 , තරග රටාව කියලා අමතක කරලා ඔහු එක ලකුණ බැගින් ලබාගෙන මුල් ලකුණු කිහිපය ලබාගන්න ඕනී. ඊට පස්සේ එක දිගට පිට පිට හයේ පාරවල් 3 ක් උනත් ගහලා ඒක Recover කරගන්න ඔහුට පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *