ලෝක කුසලානයට ජේෂ්ඨයන් මත වැඩි විස්වාසයක් තැබූ කොදෙව්වෝ – සම්පූර්ණ විස්තරය

Sports News

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස ලෝක ශූරයන් වන අතර අයි.සී.සී විස්සයි 20 ලෝක කුසලානයේ දෙවරක් ජයග්‍රහණය කල එකම රට වේ. එය 2012 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ ප්‍රේමදාසයේදී ජයග්‍රහණය කළ අතර ඉන් වසර 4 කට පසු 2016 දී කොල්කටා හිදී එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය කළේය.

අයි.සී.සී විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රහණයන්ගෙන් ජයග්‍රහණ ත්‍රිත්වයක් දිනාගත් පළමු කණ්ඩායම බවට පත්වෙමින් තවත් ඉතිහාසයක් නිර්මානය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දැන් අවස්ථාව ලැබී තිබේ.

බටහිර ඉන්දීය කොදෙව්වන් මේ වන විටත් සිය ලෝක කුසලාන සන්චිතය නම් කොට ඇත. විශේෂත්වය නම් 2012 ජයග්‍රාහී ලෝක කුසලාන සංචිතයේ සාමාජිකයෙකු වන පළපුරුදු පන්දු යවන්නෙකු වන රවී රම්පෝල් 2015 න් පසු ප්‍රථම වතාවට කණ්ඩායමට කැඳවනු ලැබීමයි. මෙම සන්චිතයේ ගොඩක් පරන මුණ දැකගත හැක. ඔවුන් මෙවර සම්පූර්ණයෙන්ම ජේෂ්ඨයන් මත වැඩි විශ්වාසයක් තබා ඇත.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නම්කළ සන්චිතය මෙන්න.

ඔවුන්ගේ සංචිතය සෑම අංශයකම පළපුරුදු ක්‍රිඩකයන් නම් කොට ඇත. එම කණ්ඩායමට ලෝක කුසලාන ජයග්‍රාහී අත්දැකීම් සමඟින් විස්සයි 20 අත්දැකීමක් ද ඇති අතර එමඟින් කණ්ඩායම ස්ථාවරව තබා ගත හැකි බව ඔවුන් විශ්වාස කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *