වෙනස්කම් සමඟින් අවසන් විස්සයි විස්ස තරඟයට ක්‍රිඩා කල හැකි කණ්ඩායම – සම්පූර්ණ විස්තරය

Sports News

විස්සයි විස්ස තරගාවලියේ තවදුරටත් අපරාජිත කණ්ඩායම ලෙස රැදී සිටීමට දකුණු අප්‍රිකානු පිලට හැකිවිය. ජයග්‍රහණය අතිශයින් තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදීද බලාපොරොත්තු සුන් කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරමින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්වූහ.

එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තරග වදිනු ලබන අවසන් විස්සයි-20 තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විටත් තරගාවලිය පරාජයට පත්ව සිටියද එළැඹෙන ඔක්තෝම්බර් 03 වැනිදා ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යෑමට හෙට තරගයේ ජය වාර්තා කිරීම ශ්‍රී ලංකා පිලට මානසික වශයෙන් සුභ දායක වනවා මෙන්ම ගෞරවාන්විත තරගාවලියක් අවසානයට හෙට තරගයේ ජය වඩා වැදගත් වනු ඇත.

එමහේතුවෙන් අවසන් විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක. බොහෝ දුරට මෙම කණ්ඩායම ක්‍රිඩා කිරිමට වැඩි ඉඩක් පවති.

1. කුසල් ජනිත් පේරේරා

2. දිනේෂ් චන්දිමාල්

3. භානුක රාජපක්ෂ

4. දනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. දුෂ්මන්ත චමීර

10. ප්‍රවින් ජයවික්‍රම

11. මහේෂ් තීක්ෂන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *