තරඟ පරාජය ගැන පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ගේ අදහස – සම්පූර්ණ විස්තරය

Sports News

ග්‍රාන්ට් විලියම් ෆ්ලවර් යනු හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ය. ස්ථාවර වමත් දඟ පන්දු යැවීම සහ දක්ෂ පිතිකරණ හැකියාව හේතුවෙන් ඔහු ඉතිහාසයේ හොඳම සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විෂිශ්ඨතම ක්‍රිකට් ක්‍රිඩකයෙකි.

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පරාජයක් දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබීමත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්විය. මෙම ලැබූ තරගාවලි පරාජයත් සමග විස්සයි විස්ස ශේණිගත කිරිම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 10 ස්ථානය දක්වා පසුබැසිමට ලක්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා තරග පරාජය පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසක්.

පුහුණුවීම් අතරතුරදී අතපසුවීම් නවතාලීම වෙනුවෙන් කළ හැකි සියළුම දේ පිළිබඳව අවධානය යොමු කරන නමුත් පිටිය තුළදී ඒ ඒ පීඩනයන්ට අනුවර්ථනය වීමට ක්‍රීඩකයින්ට නොහැකි වීම කණ්ඩායම තුළ පවතින අඩුපාඩුවක් බව තමන් පිළිගන්නා බවත් පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ග්‍රාන්ට් ෆ්ලවර් ලෝක කුසලාන තරගාවලියේදී සාර්ථක වීමට නම් මේ සියල්ල හරියාකාරව සකසා ගත යුතු බව අවධාරණය කර සිටියි.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අවසන් තරඟය අද ප.ව. 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *