මහේල විස්සයි-20 ලෝක කුසලානයේ උපදේශකවරයකු ලෙස එක්වන ලකුණු – සම්පූර්ණ විස්තරය

Sports News

මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, පුහුණුකරුවෙකු මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. සනත් ජයසූරිය ගෙන් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ සාර්ථකම නායකයා මහේල ය. ඔහු 1997 අගෝස්තු මාසයේදී සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ කළ අතර 1998 ජනවාරියේදී ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ආරම්භ කළේය.

එමෙන්ම පසුගිය වසරේ දී ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ නුවනැතිම නායකයා ලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය මහේල ජයවර්ධන නම් කරන ලදි. විස්සයි-20 ලීග් ක්‍රිකට් පිටිය තුල මොහුව හඳුන්වන්නේ ක්‍රිකට් ලොවේ ගාඩියෝලා ලෙසය.

එළඹෙන විස්සයි-20 ලෝක කුසලානය සදහා එක්වන කණ්ඩායම් රැසක් සිය කණ්ඩායමේ උපදේශකයින් ලෙඩ අද්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රිඩකයන් එක්කරගෙන ඇත. එමෙන්ම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත්කර ගැනිමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි නෙත් නිව්ස් වාර්ථා කරනවා. වාර්ථා වන ආකාරයට මහේල ජයවර්ධන මහතා ගේ සහය ලබා ගැනිමට ක්‍රිකට් ආයතනයෙ ප්‍රධානීන් කටයුතු කර ඇති බවට වාර්ථා වෙනවා.

මහේල ජයවර්ධන මහතා මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවස්ථා 3 දි ශූරතාවය දීනා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *