ක්‍රිඩකයෙකුට එළඹෙන T20 ලෝක කුසලානය අහිමි වෙයි – සම්පූර්ණ විස්තරය

Sports News

2021 අයි.සී.සී පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානයේ හත්වන අදියර ලෝක කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ 2021 ඔක්තෝබර් 17 සිට 14 නොවැම්බර් දක්වා පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත.

එළඹෙන ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් නම් කොට ඇත. මෙවර විස්සයි විස්ස ලෝකකුසලානයේ මුලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය ඔක්තෝබර් 18 වන දින නැමීබියාව සමග වේ. වර්තමාන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාපේක්ෂව නැමීබියා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පළපුරුදු ක්‍රිඩකයන් රැසක් ඇතුලත්ව ඇත. එම හේතුවෙන් නැමීබියා කණ්ඩායම ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ළ කල හැකි කණ්ඩායම බවට කිව හැක.

ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රිඩක  ළහිරු මදුෂන්කට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වනු ඇති බවට වාර්ථා වේ.

ආරම්භ පිතිකරු කුසල් ජනිත් පේරේරා දකුණු අප්‍රිකානු අවසන් විස්සයි විස්ස තරගයේදී අවාසනාවන්ත ලෙස පාදයේ ආබාධයකට මුහුණ දීමට සිදුවිය. එම හේතුවෙන් කුසල් පෙරේරා අවසන් විස්සයි විස්ස තරගයේ පන්දු රැකිම සදහා පිටියට පිවිසියේ නැත. ඔහු වෙනුවට කඩුලු රැකිමේ කාර්ය සිදුකලේ අතිරේක ක්‍රිඩක දිනේෂ් චන්දිමාල් විසිනි. නමුත් කුසල් ජනිත් පෙරේරා ගේ පාදයේ සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බව ඊයේ රාත්‍රී කළ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මත තහවුරු වී තිබෙනවා. මෙම ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මීට ස්වල්ප වේලාවකට පෙර ලැබී ඇති අතර ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ට එළඹෙන ඕමාන තරඟාවලිය හා ICC T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවා.

ඒ වුවද ලහිරු මදුෂන්කටත් ආබාධයක් හේතුවෙන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇති බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *