කුමාර් ධර්මසේන නම්කළ ඔහුගේ කණ්ඩායම – සම්පූර්ණ විස්තරය

Sports News

දේශබන්දු කුමාර් ධර්මසේන යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරයෙකු මෙන්ම හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හා එක්දින තරඟ ක්‍රීඩා කළේය. ඔහු 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකි. වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින විනිසුරුවරුන් අතරින් කුමාර ධර්මසේනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

කුමාර් ධර්මසේන 1993 සිට 2004 දක්වා ශ්‍රී ලංකාව සඳහා ක්‍රීඩා කර ඇත. ඔහු විනිසුරුවරයෙකු ලෙස ඔහුගේ පළමු තරගය 2009 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්විණි. 2011 අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරයා වීමෙන් පසු ඔහු 2011 දී අයි.සී.සී විනිසුරුවන්ගේ ප්‍රභූ මණ්ඩලයට පත් කරන ලදී. එතැන් පටන් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන වල ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරයි.

ක්‍රිකට් ලොව මහගෙදර ලෙස හැදින්වෙන ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය අයිති මෙරිල්බෝන් ක්‍රිකට් සමාජය විසින් ලෝව බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රිඩකයින්ගෙන්, විනිසුරුවරුන් ගෙන් තමාගේ ප්‍රියතම All Time XI කණ්ඩායම කවුද කියා ප්‍රශ්න අසයි. එම අවස්ථාවේදී කුමාර් ධර්මසේන තම කණ්ඩායම ඉදිරිපත් කළේය.

1. Matthew Hayden

2. Sanath Jayasuriya

3. Ricky Ponting (C)

4. Sachin Tendulkar

5. Brian Lara

6. Kumar Sangakkara (WK)

7. Jacques Kallis

8. Wasim Akram

9. Muttiah Muralitharan

10. Shane Warne

11. Glenn McGrath

Leave a Reply

Your email address will not be published. Required fields are marked *