කුසල් පෙරේරාට ඕමාන තරඟාවලිය හා ICC T20 ලෝක කුසලානය ක්‍රීඩා කළ හැකියි

Sports News

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර පිටියේ සිටින දක්ෂතම ආරම්භක පිතිකරුවෙක් වේ. ඔහු හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකි. ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා සෑම තරග රටාවක්ම එනම් විස්සයි විස්ස, එක්දින, ටෙස්ට් ක්‍රීඩා කරන අතර දැනට සියලුම ආකෘති වල සිටින ආරම්භක ස්ථීර පිතිකරුවෙකි.

ඔහු 2014 අයි.සී.සී ලෝක විස්සයි 20 ජයග්‍රාහී කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් විය. 2014 ලෝක කුසලානයේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කටයුතු කලේ කුසල් පෙරේරා සමගින් තිලකරත්න ඩිල්ශාන් වේ. එම හේතුවෙන් වර්තමාන ශ්‍රි ලන්කා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රිඩකයා වන්නේද මොහුය. එම හේතුවෙන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා මොහුගේ සහභාගිත්වය වඩාත් වැදගත් වේ.

කුසල් පෙරේරා පැවති දකුණු අප්‍රිකානු අවසන් විස්සයි විස්ස තරගයේදී අවාසනාවන්ත ලෙස පාදයේ ආබාධයකට මුහුණ පෑමට සිදුවිය. එමහේතුවෙන් කුසල් පෙරේරා අවසන් විස්සයි විස්ස තරගයේ පන්දු රැකිම සදහා පිටියට පිවිසියේ ද නැත. එමහේතුවෙන් ක්‍රිකට් විස්තර විචාරකයින් පැවැසුවේ ඔහුට එළඹෙන විස්සයි විස්ස තරගාවලිය අහිමි වනු ඇති බවයි.

නමුත් කුසල් ජනිත් පෙරේරා ගේ පාදයේ සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බව ඊයේ රාත්‍රී කළ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මත තහවුරු වී තිබෙනවා. මෙම ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මීට ස්වල්ප වේලාවකට පෙර ලැබී ඇති අතර ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ට එළඹෙන ඕමාන තරඟාවලිය හා ICC T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *