ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ළ කල හැකි නැමීබියා කණ්ඩායමේ ප්‍රබල ක්‍රිඩකයින් රැසක්

Sports News

නැමීබියා ජාතික ක්‍රිකට් කණ්ඩායම නැමීබියා ජනරජය නියෝජනය කරන පිරිමි ක්‍රිකට් කණ්ඩායම වන අතර 1992 සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුබද්ධ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟය ඔක්තෝබර් 18 දින නැමීබියාව සමග වේ. නැමීබියා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම ලීග් පිටියේ අත්දැකීම් බහුල ක්‍රිඩකයන්ගෙන් සමන්විත වන අතර එහි ප්‍රධාන තුන් ඉරියව් රැසක් සිටී.

එමහේතුවෙන් වත්මන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාපේක්ෂව නැමීබියා කණ්ඩායමේ දක්ෂ පිතිකරුවන් රැසක් ඇත. එම නිසා නැමීබියා කණ්ඩායම ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ළ කල හැකි කණ්ඩායමක් බවට කිව හැක.

හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වයිස් ශ්‍රී ලංකාව එරෙහිව පැවැත්වෙන පළමු තරඟයට නැමීබියානු සංචිතයට ඇතුළත් කොට ඇත. තුන් ඉරියව්වෙන් දස්කම් පා ඇති ඩේවිඩ් වයිස් විස්සයි විස්ස තරග පිටිය තුළදී දක්ෂතා දැක්වීමට සමත්ව ඇති ක්‍රීඩකයෙකි.

ලීග් ක්‍රිකට් පිටියේ අත්දැකීම් සහිත ඩේවිඩ් වයිස් විස්සයි විස්ස තරග 260කට ක්‍රීඩා කරමින් ලකුණු 2777ක් රැස්කොට ඇති අතර කඩුලු 199ක් දවාගැනීමටද ඔහු සමත් වී ඇත.

ගෙර්හාඩ් ඉරැස්මස් විසින් නැමීබියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෙහෙයවනු ලබන අතර තුන් ඉරියව් ක්‍රිඩකයින් ලෙස ජේජේ ස්මිත්,ජෑන් ෆ්‍රලින්ක්,ඩේවිඩ් වයිස් කටයුතු කරයි. ප්‍රධාන වේග පන්දුයවන්නා ලෙස බර්නාඩ් ස්කොල්ට්ස් කටයුතු කරයි. මොවුන් විස්සයි විස්ස ලීග් පිටියේ දක්ෂතා සහිත ක්‍රිඩකයන් වෙයි.

ඔවුන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා නම් කරන ලද විස්සයි විස්ස අද්දැකීම් සහිත කණ්ඩායම මෙසේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *