මාලිගේ සමුගැනීම ගැන කාර්තික් සහ ඉයන් ICC ය වෙනුවෙන් තැබූ සටහන – සම්පූර්ණ විස්තරය

Sports News

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු ලෙස ලසිත් මාලිංග සැලකෙන අතර, ලෝක කුසලාන තරගාවලියන්හී දී කඩුලු ත්‍රිත්වයන් දෙකක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා ලෙස ද මාලිංග ඉතිහාසගත වී තිබෙනවා.

එක්දින ජාත්‍යන්තර තරගවල කඩුලු ත්‍රිත්වයන් 3ක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා වන මාලිංග ජාත්‍යන්තර පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් 5ක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා ද වනවා.

2014 අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානය සදහා නායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ යෝකර් රජු මාලිංග ය. විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් කැපී පෙනෙන විස්සයි 20 පන්දු යවන්නා ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අමතක වූ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට මෙම අසහාය ක්‍රිකට් ක්‍රිඩකයා අමතක වූයේ නැත. ඔහුගේ සමුගැනිම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය, විවිධ රාජ්‍ය නායකයන් ඔහුට සුභ පැතුවේය. ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සුපිරි ක්‍රිකට් ක්‍රිඩක දිනේෂ් කාර්තික් මාලිංගගේ සමුගැනිම පිළිබඳව මෙසේ පවසයි.

ලසිත් පන්දු යවන්නන්ට ඉගැන්නුවා යෝකර් පන්දුව යවන්න පුහුණු වෙන්නේ කොහොමද කියලා. ඔහු නිතරම කඩුල්ල අසල සපත්තුවක් තියලා ඒ සපත්තුවට පන්දු යවමින් යෝකර් පන්දුව යවන්න පුරුදු වුණා. මේ දේ අද වෙද්දී ගොඩක් තරුණ ක්‍රිඩකයෝ උත්සාහ කරනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මාලිංග ක්‍රිඩාවට සමුදෙද්දි ක්‍රිඩාවට ලොකු දෙයක් එකතු කරලයි යන්නේ ක්‍රිඩකයින් සිය ගණනක් අද යෝකර් පන්දුව යවන්න පුරුදු වෙනවා. ඔවුන් කොහොමද යෝකර් පන්දුව යවන්න පුරුදු වෙන්නෙ මාලිංග පෙන්නපු විදිහටයි ඔවුන් පුරුදු වෙන්නේ.

ලෝකප්ප්‍රකට ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ඉයන් බිෂෝප් ලසිත් මාලිංග ගැන මේසේ සිය අදහස ප්‍රකාශ කළේය.

ලසිත් යෝකර් පන්දුව ක්‍රිකට් ක්‍රිඩාවේ විශේෂ දෙයක් බවට පත්කළා. ඒ නිසා මට සතුටුයි ඔහු ක්‍රිකට් ලෝකයට අවතීර්ණ වුණු එක ගැන. ඔහු ක්‍රිඩාවට සමුදෙන එක ගැන මට දුකක් නැහැ. මොකද ඔහු ගොඩනගපු පුරාවුර්තය ක්‍රිඩාවේ පරම්පරාවටත් දායාද වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *