සුදුසුකම් ලැබිමේ වටයේ දෙවන අභියෝගය ප්‍රබල අයර්ලන්තය සමඟයි – සම්පූර්ණ විස්තරය

Sports News

19 වන සියවසේ මුල් භාගයේදී කිල්කනි සහ බැලිනස්ලෝ නගර වල ඉංග්‍රීසින් විසින් අයර්ලන්තයට ක්‍රිකට් හඳුන්වා දෙන ලදි. 1830 ගණන් වලදී ක්‍රිකට් ක්‍රිඩාවේ පිබිදීමත් සමග අයර්ලන්තයේ ක්‍රිකට් ක්‍රිඩාව බොහෝ සෙයින් ප්‍රචලිත විය.

ලොව පැරණිතම ක්‍රිකට් සමාජ ශාලාවන් කිහිපයක් තවමත් අයර්ලන්තයේ පවති. වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රිඩාව අයර්ලන්තයේ ප්‍රධාන ක්‍රිඩාවක් බවට පත්වේ. ඔහුන්ගේ දක්ෂ තුන්ඉරියව් ක්‍රිඩකයින් රැසක් සිටි. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ වටයේදී ශ්‍රී ලංකාවට හිමිවන දෙවන අභියෝගය අයර්ලන්තය සමඟ වේ.

එමහේතුවෙන් වත්මන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාපේක්ෂව අයර්ලන්ත කණ්ඩායමේ දක්ෂ පිතිකරුවන්, වේගපන්දු යවන්නන් රැසක් ඇත. එම නිසා අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ළ කල හැකි කණ්ඩායමක් බවට කිව හැක.ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන සුදුසුකම් ලැබිමේ තරගය එළඹෙන ඔක්තෝබර් මස 20 වන දින ඕමානයේ දී පැවැත්වීමට නියමිතය.

අයර්ලන්තය වෙනුවෙන් එක්දින තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව වාර්තා වන්නේ ද 2017 මාර්තු 17 දින ඇෆ්ගනිස්ථානයට එරෙහිව 6/55 ලබා ගත් පෝල් ස්ටර්ලින්ට ය. කඩුලු 114 ක් දවා ගත් කඩුලු ලාභියා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා ක්‍රිඩා කරයි. මොහු විස්සයි විස්ස ලෝක කුසලානයේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස අයර්ලන්තය යොදා ගනි.

අයර්ලන්තය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය විලියම් පෝටර්ෆීල්ඩ් විසින් මෙහෙයවනු ලබන අතර අයර්ලන්තය සඳහා එක්දින ජාත්‍යන්තර තරගයකදී ලබාගත් වැඩ්ම ලකුණු සන්කයාව 177 ක් වන අතර එය 2010 සැප්තැම්බර් 7 දින කැනඩාවට එරෙහිව පෝල් ස්ටර්ලිං විසින් රැස් කරන ලදි. මෙවර අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව පෝල් ස්ටර්ලිං බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

අයර්ලන්තය සිය ප්‍රධාන තුන්ඉරියව් ක්‍රිඩකයා ලෙස මාර්ක් රිචඩ් ඇඩෙයාර් යොදා ගනි.ඔහු උතුරු අයර්ලන්තයේ අයර්ලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු එංගලන්තයේ වෝර්වික්ෂයර් කවුන්ටි ක්‍රිකට් සමාජය සඳහා ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කර ඇත. ඔහු දකුණත් වේග පන්දු යවන්නෙකු වන අතර දකුණත් පිතිහරඹයක නිරත වේ.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා විලියම් පෝටර්ෆීල්ඩ් විසින් නායකත්වය දරණ ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම මෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *