වනිදු සහ චමිර සතු හැකියාවන් අපිට විශාල සහයෝගයක් – විරාට් කෝලි

Sports News

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යනු කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පිහිටි ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කණ්ඩායමකි. මෙහි නායකත්වය වර්තමාන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක විරාට් කෝලි විසින් මෙහෙයවනු ලබයි.

මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින වේගපන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර සහ පා දග පන්දු යවන ක්‍රිඩක වනිදු හසරන්ග සහභාගි වේ.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායක විරාට් කෝලි වනිදු හසරන්ග සහ දුෂ්මන්ත චමීර ගැන කණ්ඩායමේ නායකයා වශයෙන් මෙලෙස අදහස් දක්වන ලදි.

වනිදු හසරන්ග සහ දුෂ්මන්ත චමීර කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තුල විශාල ජාත්‍යන්තර ක්‍රිකට් තරග ප්‍රමාණයක් ක්‍රිඩා කරලා අද්දැකීම් තියෙන ක්‍රිඩකයන් දෙපලක්. ඉන්දියානු ප්‍රිමිය ලීග් පැවැත්වෙන ඩුබායි වල තණතීරු වල ස්වභාවය බොහෝ දුරට ශ්‍රී ලංකාවේ තණතීරු වලට සමානයි. ඒ නිසා මේ වගේ තණතීරු වල ක්‍රිඩා කරන්න ඕනේ කොහොමද කියන එක ඔවුන් හොදින්ම දන්නවා. වනිදු සහ චමීර සතු හැකියාවන් අපිට විශාල අභියෝගයක් වෙයි ඩුබායි වල ක්‍රිඩා කරන්න.

ඩුබායි වල තියෙන උෂ්ණත්වය වගේම ආර්ද්‍රතාවෙන් වැඩි දේශගුණික ස්වාභාවය තුල කොහොමද ක්‍රිඩා කරන්නේ, එවැනි තත්ත්වයක් තුල කොහොමද තණතීරු හැසිරෙන්නේ, මේ හැම දෙයක් ගැනම වනිදු සහ චමීර දැනගත යුතු සියල්ල හොදින්ම දන්නවා. ඔවුන් දෙදෙනාම කණ්ඩායමට සහ සැලසුම් වලට ඉතාම හොදින් අනුගත වෙමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *