එළඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය ටෙස්ට් තරගාවලියේ තරඟ කාලසටහන

Sports News

ලෝක ටෙස්ට් ශුරතාවලියේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ තරග සන්චාරයෙන් අනතුරුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් ක්‍රිඩා කිරිම සදහා ඉන්දියාවට පැමිණෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත නිල වශයෙන් වාර්තා කරයි. ටෙස්ට් තරග දෙක ජාත්‍යන්තර ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිතයි.

වර්තමානයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තරමක් දුරට පසුබැසිමට ලක්ව සිටියත් අතීතයේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල ඉහළින්ම සිටියේය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1982 පෙබරවාරි 17 වන දින එන්ගලන්තයට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගය ක්‍රිඩා කළේය.

එමෙන්ම 1985 සැප්තැම්බර් මස 6 දින ඉන්දියාව සමග පැවති තරගයකදී සිය පළමු ජයග්‍රහණය වාර්ථා කළේය. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ඉහළම සබදතාවය පිහිටුවනු ලැබුවේ ද ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයන් දෙපලකි. ඒ සබදතාවයට හිමිකම් කියන්නේ කුමාර සන්ගක්කාර සහ මහේල ජයවර්ධන යන ක්‍රිඩකයන් දෙපලයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ දින වකවානු මෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *