ලෝක කුසලානයට උපදේශකයෙක් අවශ්‍ය නම් අපි යන්නේ මහේල එක්ක විතරයි – අරවින්ද ද සිල්වා

Sports News

එළඹෙන විස්සයි-20 ලෝක කුසලානය සදහා එක්වන කණ්ඩායම් රැසක් සිය කණ්ඩායමේ උපදේශකයින් ලෙඩ අද්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රිඩකයන් එක්කරගෙන ඇත.

එමෙන්ම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත්කර ගැනිමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්ථා වෙනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කළේය.

” ලෝක කුසලානයට උපදේශකවරයකු අවශ්‍ය නම් අපි යන්නේ මහේල එක්ක විතරයි. ඔහු විශිෂ්ඨ පුහුණුකරුවෙකු සහ උපදේශකයෙකු බව ඔප්පු කරලා තියෙනවා. අපි කැමති ඔහු ලෝක කුසලානයෙදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සිය අදහස් බෙදා ගන්නවාට. අපි මේ ගැන හැමෝම එක්ක සාකච්ඡා කරලා ඉක්මනින් නිවරැදි තීරණයක් ගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *