එක්දින ලෝක කුසලාන වල වැඩිම ලකුණු ලාභීන් පස්දෙනා අතරට ලන්කාවෙන් කෙනෙක්

Sports News

ක්‍රිකට් ක්‍රිඩාවේ ඇදහිය නොහැකි කුසලතාවන්ගෙන් සමන්විත ලොව ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකත්වයට සමත් වූ ඉහළම ලකුණු ලාභීන් 5 දෙනාගේ ලැයිස්තුව හෙළ ක්‍රිකට් විසින් පාඨකයින් වෙත ගෙනැවිත් තිබේ. ලෝක කුසලානය ඉතිහාසයේ පස් වතාවක් ජයග්‍රහණය කළ සාර්ථකම ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව වන අතර රිකී පොන්ටිං ගේ නායකත්වය යටතේ ලෝක කුසලානය අවස්ථා දෙකකදීම ජයග්‍රහණය කළේය.

#1. සචින් තෙන්ඩුල්කාර්

සචින් තෙන්ඩුල්කාර් යනු ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉන්දියාවේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ජාත්‍යන්තර ලෝක කුසලාන තරග 45 නියෝජනය කරමින් ඉනිම් 44 කදී ලකුණු 2278 ලබාගැනීමට සමත්විය. ඔහු ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු ලෙස සැලකේ.

#2. රිකී පොන්ටින්

රිකී පොන්ටින් යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු, විචාරක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන තරග 43 නියෝජනය කරමින් ඉනිම් 42 කදී ලකුණු 1743 වාර්ථා කිරිමට සමත්විය. පොන්ටිං ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ සිටි කාලය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හී “ස්වර්ණමය යුගය” ලෙස සැලකේ.

#3. කුමාර් සංගක්කාර

කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විස්තර විචාරක හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන මැරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ය. ඔහු ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරග 36 නියෝජනය කරමින් ඉනිම් 35 කදී ලකුණු 1532 වාර්ථා කිරිමට සමත්විය. ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ විවිධ අවධීන්හිදී තරඟයේ ආකෘති තුනෙන්ම ඔහු ලොව හොඳම වත්මන් පිතිකරුවන් තිදෙනා අතර සිටියේය.

#4. බ්‍රයන් ලාරා

බ්‍රයන් ලාරා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, ඔහු සෑම විටම ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු ලෙස පිළිගැනේ. ඔහු ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරග 34 නියෝජනය කරමින් ඉනිම් 33 කදී ලකුණු 1225 වාර්ථා කිරිමට සමත්විය.

#5. ඒ.බී ඩිවිලියර්ස්

ඒබ්‍රහම් බෙන්ජමින් ඩිවිලියර්ස් යනු දකුණු අප්‍රිකාවේ හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම 50,100 සහ 150 වාර්තාවට හිමිකම් කියන අතර ඔහු ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරග 23 නියෝජනය කරමින් ලකුණු 1207 වාර්තා කිරිමට සමත්විය. ඔහු සෑම විටම ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *