ලසිත් මාලිංගගේ සමු ගැනීම පිලිබඳව මට ගොඩාක් සතුටුයි – ටමීම් ඉක්බාල්

Sports News

බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම පිතිකරු ලෙස සැලකෙන තමීම් ඉක්බාල් මේ වන විට බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ නායකයා ලෙස එක්දින තරග රටාවේ සේවය කරයි. තමීම් සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය 2007 දී ආරම්භ කළ අතර ඊළඟ වසරේදී ඔහුගේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය.

යෝකර් රජු ලෙස සැලකෙන ලසිත් මාලිංගගේ සමුගැනිමට පිළිබඳව ටමීම් ඉක්බාල් දරන්නේ මෙවන් මතයක්.

ලසිත් මාලිංගගේ සමු ගැනීම පිලිබඳව අපි හැමෝම දුක් වෙනවා. නමුත් මම නම් දුක් වෙන් නැහැ. මොකද ඔහුගේ යෝකර් වලට මුහුණ දෙන එක කවුරුත් කියනවා වගේ සුන්දර ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ලසිත් මාලිංග සමුගැනිම පිළිබඳව මම සතුටු වෙන්නේ මොකද නැවත ක්‍රිකට් පිටිය තුල ඔහුගේ යෝකර් පන්දුවලට මුහුණදීමට සිදු නොවන නිසා. ඔහුගේ යෝකර් පන්දුවලට මම කිහිප වතාවක්ම ලකුණු නොලබා දැවි ගිය. මාලිංග කියන්නේ ඇත්තටම විශිෂ්ඨ පන්දු යවන්නෙක්.ලංකාවට හොද සන්නාම තානාපතිවරයෙක්. නැවත ඔහුට මුහුණ දෙන්න නොලැබෙන එක ගැන මම ගොඩාක් සතුටුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *