ධනංජය ද සිල්වා ලෝක කුසලාන මූලික සංචිතයෙන් ඉවතට – සම්පූර්ණ විස්තරය

Sports News

දනංජය ද සිල්වා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට The Morning පුවත්පත වාර්ථා කරනවා.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රි ලංකා මූලික සංචිතය මීට පෙර නම් කර ඇති අතර ඊට අමතරව ක්‍රීඩකයින් හතර දෙනෙක් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කල අතර තවත් ක්‍රීඩකයින් පස් දෙනෙක්ද අතිරේක ක්‍රිඩකයින් ලෙස පසුව නම් කරනු ලැබීය.

එම 15 දෙනාගේ සංචිතයේ සිටි ලහිරු මදුශංක ආබාධයක් නිසාවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට යන අතර තවමත් ඒ වෙනුවට මූලික 15 දෙනා අතුරට ක්‍රීඩකයෙක් නම් කර නොමැත.

ධනංජය ද සිල්වා ලෝක කුසලානයේ මූලික 15 දෙනාගේ සංචිතයෙන් ඉවත්කර ඔහුව අතිරේක ක්‍රීඩකයෙක් ලෙස තබා ගැනීමට කටයුතු කර ඇත. ඔහු විස්සයි විස්ස තරඟ රටාවට සුදුසු ආකාරයෙන් ක්‍රීඩා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විස්වසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *