T20 ලෝක කුසලානයට රංගන හේරත්ගෙන් ශ්‍රී ලංකාවට වටිනා උපදෙස් රැසක්

Sports News

රංගන හේරත් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, ඔහු ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග රටා සියල්ල නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වටිනා ජයග්‍රහණ රැසක් ලබාදුන් ක්‍රිඩකයෙකි. හිටපු ටෙස්ට් නායකයෙකු මෙන්ම මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන හේරත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ සාර්ථකම දග පන්දු යවන්නෙකි. රංගන හේරත් ThePapare news වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන පුහුණුකරු ලෙස ලබාගත් අත්දැකීම්, ලෝක කුසලානයට තිබෙන සූදානම ඇතුළු තවත් ක්‍රිකට් තොරතුරු රැසක් මෙසේ ප්‍රකාශ කළේය.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වන රටවල් තම කණ්ඩායමේ සන්චිතයට වැඩ් වශයෙන් දග පන්දු යවන්නන් එකතු කරගෙන තියෙනවා ආසියාවේ පැවැත්වෙන නිසා දග පන්දු යවන්නන්ට ලොකු අවස්ථාවක් තියෙනවා තරගයක් වෙනස් කරන්න. දග පන්දු යවන්නන්ට ස්වීප් ශොට් එක භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා එයින් කණ්ඩායමට වැඩි ලකුණු සන්කයාවක් රැස්කර ගත හැකියි. දකුණු අප්‍රිකාවට, බටහිර ඉන්දීය කොදෙව්වන්, ඕස්ට්‍රේලියාව වැනි රටවල පිතිකරුවන් ආසියාවේ තණතීරු වලට ඉස්සර මුහුණ දුන්නේ අපහසුවෙන් නමුත් වර්තමාන වන විට ආසියාවේ තණතීරු වල ඔවුන් දක්ෂතා දක්වනවා.

දකුණු අප්‍රිකාව, කොදෙව්වන් අද්දැකීම් බහුල පළපුරුදු ක්‍රිඩකයන් රැසක් සිය ලෝක කුසලාන කණ්ඩායමට ඇතුලත් කරගෙන තියෙනවා එම හේතුවෙන් දග පන්දු යවන්නන්ට ලොකු අභියෝගයක් තියෙනවා. අවසාන වශයෙන් හේරත් ශ්‍රී ලාංකික ප්‍රෙක්ෂකයන් ගෙන් ඉල්ලා සිටියේ කණ්ඩායමේ ක්‍රිඩකයන් දිරිමත් කරන්න රටක් හැටියට හැමවෙලේම ක්‍රිඩකයන්ට සහයෝගය ලබා දෙන්න. තරගයක ජය පරාජය කියන එක පොදු දෙයක් එම නිසා හැමවෙලේම ක්‍රිඩකයන් දිරිමත් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *