LPL දෙවන අදියර දෙසැම්බර් 4 සිට 23 දක්වා – සම්පූර්ණ විස්තරය

Sports News

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර වෙනුවෙන් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම හෙට දිනයේදී ඇරඹෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කොට ඇත. ඒ අනුව හෙට දිනයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයන්හට තරගාවලියට ලියාපදිංචි විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ ඇතුළත්ය.

ඒ අනුව දෙසැම්බර් 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන LPL දෙවන අදියර කණ්ඩායම් 5 කින් සමන්විත වන අතර එක් කණ්ඩායමක් සදහා දේශීය ක්‍රීඩකයින් 14 ක් සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කර ගැනීමට හැකියාව ඇත.

ලියාපදිංචි වන විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට තේරී පත්වන්නටනම් ඔවුන් සිය රටේ ජාතික කණ්ඩායම හෝ පළමුපෙල තරග ක්‍රීඩා කර තිබීම හෝ ප්‍රධාන 20යි 20 ලීග් තරගාවලියක් ක්‍රිඩා කර තිබීම අනිවාර්යය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *