ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා තරග ඇරඹෙයි – සම්පූර්ණ විස්තරය

Sports News

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මෙම වසරේ නොවැම්බර් මස ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. මෙය ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට මේ වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කළ අතර ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළේය. තරඟ දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවින් දෙපිලම ඉදිරි තරගාවලිය ජය ගැනීමට අවස්ථාව ඇත.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව සිය මව්බිමේදී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කළේය. එම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිමට වැඩි අවස්ථාවක් පවති. නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලි දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාන්ගනයේ දී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා උපුටා දක්වමින් Daily FT පුවත්පත වාර්තා කර ඇත්තේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වනදා අවසන් වීමෙන් අනතුරුව කඩිනමින් මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.

ලෝක ටෙස්ට් ශූරතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව මුහුණදෙන මෙම තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක. බොහෝ දුරට මෙම කණ්ඩායම ක්‍රිඩා කිරිමට වැඩි ඉඩක් පවති.

ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිශ්ශංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකන්, විශ්ව ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු , රොෂාන් ධනංජය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *