දුස්රාවෙන් ලොව හෙල්ලූ මුරලි තැබූ ලෝක වාර්තා – සම්පූර්ණ විස්තරය

Sports News

දේශබන්දු මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් පුහුණුකරුවෙක්, හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්, සහ අයි.සී.සී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකයෙක් වන අතර ඔහු ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස සැලකේ. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් ලෝක වාර්තාවට හිමිකම් කියයි. ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 133 කදී කඩුලු 800 ක් දවාගෙන ඇත. මුත්තයියා මුරලිදරන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියාගේ ලෝක වාර්තාවට ද හිමිකම් කියයි. ඔහු එක්දින ක්‍රිකට් තරඟ වලදී කඩුලු 534 ක් දවාගෙන ඇත.

 

ලොව වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් 90 දශකය ආරම්භයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් විය. ඔහු ක්‍රීඩා පිටියේ ප්‍රශංසාවට ලක් වූවා සේම ඔහුගේ පන්දු යැවීමේ විලාශය ඇතැම් විනිසුරන්ගේ මතභේදයට හේතු විය.

1995 වසරේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ක්‍රිකට් විනිසුරු ඩැරල් හෙයාර් ඔහු පන්දුව දමා ගසන බවට චෝදනා කළේය. එහෙත් පසුව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද පරීක්ෂණවලින් පසු ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ඔප්පු විය. මුරලි ටෙස්ට් තරඟ 133 ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 350 කට සහභාගී වී තිබේ. ජාත්‍යන්තර 20/20 තරඟ 12 කට සහභාගී වී ඇත.

ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල 1992 -2010 ටෙස්ට් තරඟ දිවිය තුළ මුරලි දවා ගත් කඩුලු සංඛ්‍යාව 800 කි. ඔහුට පසු එම ලයිස්තුවේ සිටින්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොන් සහ ඉන්දීය ක්‍රීඩක අනිල් කුම්බ්ලේ පිළිවෙලින් කඩුලු 708 සහ 619 දවාගෙන තිබේ.

ජාත්‍යන්තර එක්දින පිටිය තුල 1993 -2011 එක්දින තරඟ දිවිය තුළ මුරලි දවා ගත් කඩුලු සංඛ්‍යාව 534 කි. ඔහුට පසු එම ලයිස්තුවේ සිටින පකිස්තානු ක්‍රීඩකයන් වන වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් පිළිවෙලින් කඩුලු 502 සහ 416 බැගින් දවාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *