රෝස් එමර්සන්ට ක්‍රිකට් නිතිය කියා දුන් රණතුංග – සම්පූර්ණ විස්තරය

Sports News

මහත්මා ක්‍රීඩාව සදහටම කෙලෙසූ මෙම ඛේදජනක අපකීර්තියට පත් සිදුවිම සිදුවන්නේ 1999 ජනවාරි මස 23 වෙනි සෙනසුරාදා ඇඩිලේඩ් ඕවල් හී දීය. විසිඑක්වන ශතවර්ෂයේ ලොව බිහිවූ වටිනාම ක්‍රිකට් ක්‍රිඩකයා වූ මුත්තයියා මුරලිදරන් 1999 වර්ෂයේදී ඇඩිලේඩ් ඕවල් හී දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පන්දු යැව්වේය. එකළ විනිසුරු ලෙස කටයුතු කලේ රෝස් එමර්සන් නම් විනිසුරු වරයාය. මුත්තයියා මුරලිදරන් යැවු පන්දු නෝ බෝල් පන්දු ලෙස සටහන් කිරිමට රෝස් එමර්සන් කටයුතු කළේය. මෙම අසාධාරණය දුටු නායක අර්ජුන රණතුන්ග නායකත්ව වගකිව බාරගෙන මුරලිදරන් ට සිදුවූ අසාධාරණ ගැන විනිසුරු සමග ගැටුමක් ඇතිකර ගත්තේය.

එම අවස්ථාවේදී නායක අර්ජුන රණතුන්ග සිය කණ්ඩායම සමග පිටියෙන් ඉවත්විමට තිරණය කළේය. එවිට අභාවප්‍රාප්ත විනිසුරු ටෝනි ග්‍රෙයිග් මහතා එම අවස්ථාවේදී විවරණ පෙට්ටියෙන් පහළට දිව ආ අතර අර්ජුන සීමා මායිමේ නතර කරන අතර එම අවස්ථාවේදී අර්ජුන රණතුන්ග ක්‍රිඩා පිටියෙන් ඉවතට ගියේ නම් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව අහිමි විමටද ඉඩ තිබුණි. ටෝනිගේ උපදෙස් මත අර්ජුන රණතුන්ග නතර වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිසිවෙකුට පිටියෙන් ඉවත්විම වළක්වාලනු ලැබීය.

ටෝනිගේ මෙම ක්‍රියාව එකල වාර්තා නොවීය. අවසානයේ මුරලි සහ අර්ජුන ඕනෑම වරදකින් නිදහස් වූ සිද්ධියේ නීතිමය තත්ත්වය පිළිබඳ වගකීම භාර ගත්තේය. අවසානයේ විනිසුරුවරුන් කළ එකම පැමිණිල්ල වූයේ අර්ජුන ඔවුන් වෙත ඇඟිල්ල දිගු කළ බවයි. අර්ජුන රණතුන්ග කතාකරන්න පෙර විනිසුරුවරයා තමා වෙත ඇඟිල්ල දිගු කළ බව අර්ජුන පැවසූ විට මෙයද රෝස් එමර්සන් විසින් ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම, ඕනෑම සාකච්ඡාවකදී කරුණු දැක්වීමට ශ්‍රී ලාංකිකයන් බොහෝ විට ඇඟිලි සහ අත් භාවිතා කළ බව සටහන් විය – එය ලොව පුරා ක්‍රිකට් විචාරකයින්,ක්‍රිඩකයින් වැනි අය පවා පිළිගන්නා ලක්‍ෂණයකි.

අවසානයේ දී මෙම සිද්ධියෙන් මුරලි ඉතා හොඳ ඉරියව්වෙන් පන්දු යවන බවට වාර්ථා විය. ඕස්ට්‍රේලියාව ඔහුව තම තරුණ දඟ පන්දු යවන්නන්ගේ උපදේශකයෙකු ලෙසද භාවිතා කර ඇත. පන්දු යැවීමේදී මුත්තයියා මුරලිදරන්ට පන්දු යැවීම තහනම් කළ ඕස්ට්‍රේලියානු විනිසුරු රෝස් එමර්සන් පිළිගෙන ඇත්තේ පන්දු යවන්නා ඇමතීමට තමා ගත් තීරණය මුළුමනින්ම තමාගේ නොවන බවයි. එමර්සන් ඕස්ට්‍රේලියාවේ ද ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට පැවසුවේ නම් නොකළ ක්‍රිකට් ඕස්ට්‍රේලියානු නිලධාරියෙකුගේ නියෝග හේතුවෙන් තමා මුරලිදරන්ට මෙම චෝදනාව යොමුකර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *