ඇදහිය නොහැකි ක්‍රිකට් වාර්තා – සම්පූර්ණ විස්තරය

Sports News

#1. චමින්ද වාස් තරගයක පළමුවැනි පන්දුවාරයේ දී කඩුළු ත්‍රිත්වයක් ද සමගින් කඩුලු හතරක් ලබා ගැනීම.

චමින්ද වාස් උපත ලබන්නේ වර්ෂ 1974 ජනවාරි මස 27 වන දිනය. මොහු ජාත්‍යන්තර ක්‍රිකට් සෑම ආකෘතියම ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස හැඳින්වේ. වාස් දැනට එක්දින ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියන අතර 2003 ලෝක කුසලානයේ පළමු වටයේ තරගයකදී බංග්ලාදේශයට එරෙහිව පළමුවැනි පන්දුවාරය යැවූ චමින්ද වාස් පළමුවැනි පන්දු තුනෙන්ම කඩුලු තුනක් ලබාගැනීමට සමත්විය. මෙවැනි දස්කමක් දැක්වූ ලොව එකම ක්‍රිඩකයා වන්නේද චමින්ද වාස් ය.

#2. රිකී පොන්ටින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණ කළ ටෙස්ට් තරග 100ක් සඳහා සහභාගී වීම.

රිකී පොන්ටින් යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු, විචාරක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන තරග 43 නියෝජනය කරමින් ඉනිම් 42 කදී ලකුණු 1743 වාර්ථා කිරිමට සමත්විය. පොන්ටිං ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ සිටි කාලය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හී “ස්වර්ණමය යුගය” ලෙස සැලකේ. එමෙන්ම මොහු සහභාගී වූ ටෙස්ට් තරග 165 න් 100ක ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව සතු විය. මෙය සුවිශේෂී වාර්තාවක් වන අතර මොහු සහභාගී වූ 100 වන ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සමග 2011 දී ගාල්ලේදී පැවැත්විණි මෙහිදී මොහු ශතකයක් රැස් කිරීමට සමත් විය.

#3. ටෙස්ට් තරගවල වැඩිම පන්දු ගණනාවකට මුහුණ දුන් ක්‍රීඩකයා.

රාහුල් ඩ්‍රැවිඩ් යනු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකයෙකි. මොහු තාප්පය යනුවෙන්ද හදුන්වයි එයට හේතුව පන්දුයවන්නන්ට දවා ගැනිමට ඇති අපහසුතාව නිසා ම ය. එක්දින තරග 344 ක දී ශතක 12 කුත් ටෙස්ට් තරග 164 ක දී ශතක 36 කුත් මොහු රැස් කරගෙන ඇත.මොහු ටෙස්ට් තරගවල පන්දු 31258 මුහුණ දී ඇත. එය ක්‍රීඩකයකු ටෙස්ට් තරගවල මුහුණ දී ඇති ඇති වැඩිම පන්දු ගණන ලෙස වාර්ථා වේ.

#4. තරගවල වැඩිම ප්‍රමාණයක් ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයා.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් ලෝක වාර්තාවට හිමිකම් කියන මුරලිදරන් ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 133 කදී කඩුලු 800 ක් දවාගෙන ඇත. මුත්තයියා මුරලිදරන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියාගේ ලෝක වාර්තාවට ද හිමිකම් කියයි. ඔහු එක්දින ක්‍රිකට් තරඟ වලදී කඩුලු 534 ක් දවාගෙන ඇත නමුත් මොහු තව වාර්වකට ද උරුමකම් කියනවා. එනම් තරගවලදී වැඩිම වාරයක් ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයා ලෙස . ටෙස්ට් තරගවල 25 වතාවක්ද එක්දින තරගවල 33 වතාවක්ද මොහු මෙලෙස දැවී ගොස් ඇත.

#5. පළමුපෙළ තරගවල වැඩිම ලකුණු ලාභියා.

1905 – 1935 අතර කාලය තුළ එංගලන්තයේ සරේ ප්‍රාන්තයට ක්‍රීඩා කළ ජැක් හොබ්ස් මෙම වාර්තාව හොබවන අතර මොහු තරග 834 කට සහභාගී වී ලකුණු 61,760 ක් රැස් කරගෙන තිබෙන්නේ ශතක 199ක් සමගින්. තව ද මොහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 61 කට සහභාගී වී ලකුණු 5410 ක් රැස් කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *