ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කාලසටහන – සම්පූර්ණ විස්තරය

Sports News

එළඹෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලාන තරගාවලිය නිමිත්තෙන් යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනිම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියක් ඔක්තෝම්බර් මස 07 වැනිදා ආරම්භ විමට නියමිතය.

එක්දින තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ යොවුන් පිල ඔක්තෝම්බර් 07 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, තරගාවලිය ජෛව බුබුලු පරිසරයකට යටත්ව පැවැත්වෙනු ඇත. රටේ පවතින නීරෝධායන ඇඳිරි නීතියත් පවතින වර්ෂාවත් හේතුවෙන් තරග පවත්වන ක්‍රීඩාංගණ මොනවාද යන්න අවසන් තීරණයකට පැමිණ නොමැත.

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් වරට එක්දින තරගයකට සහභාගිව ඇත්තේ 2020 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව බෙනෝනිහි පැවැති තරගයටය. එම තරගාවලියෙන් පසු මුලු ලෝකයටම කොවිඩ් වෛසරයේ බලපෑම එල්ල වූ හෙයින් යොවුන් තරග පමණක් නොව ජාත්‍යන්තර තරග පිටියද තාවකාලිකව නතර කර දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයට සිදුවිය. ඒ අනුව බලන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන්නේ මාස 20 කට පසුව වේ.

තරග කාලසටහන,

#1. පළමු තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 15

#2. දෙවන තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 18

#3. තෙවන තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 20

#4. සිව්වන තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 23

#5. පස්වන තරුණ එක්දින තරගය – ඔක්තෝබර් 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *