ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබු නොමැකෙන ලෝක වාර්තා

Sports News

ශ්‍රී ලංකාවේ අපිට ක්‍රිකට් කියන්නේ නිකම්ම නිකම් ක්‍රිඩාවක් නෙමෙයි වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රිඩාව යම්කිසි පසුබැසිමක ලක්ව සිටියත් ලෝක ක්‍රිකට් වංශ කතා පොතේ රන් අකුරින් බොහෝ වාර්ථා ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රිඩකයන් සතුව පවති. හෙල ක්‍රිකට් අපි විසින් එම ලෝක වාර්ථා පිළිබඳව මෙම ලිපියෙන් අනාවරණය කිරිමට බලාපොරොත්තු වෙනවා.

#1. ටෙස්ට් ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු සන්කයාවක් ලබාගත් කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

1997 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තනි ඉනිමක වාර්තාව බිඳ දැමීය. සනත් ජයසූරිය සහ රොෂාන් මහානාමගේ නායකත්වයෙන් යුත් මෙම තරගාවලිය ඉන්දීය පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 537/8 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 952/6 ක් රැස් කළේය. එතෙක් පැවති වැඩිම ලකුණු සන්කයාව වූ 1938 දී ඕවල් පිටියේදී එංගලන්තය විසින් රැස්කල 903 හොඳම ලකුණු සංඛ්‍යාවේ වාර්ථාව බිදදැමීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය අවසානයේදී 0-0 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුවද ක්‍රිකට් ලෝලීන්ට එහි පළමු තරඟය තවමත් මතකයි.

#2. දකුණු අප්‍රිකාව තුලදී සම්පුර්ණ ටෙස්ට් තරගාවලියක් ජයගත් ප්‍රතම රට වන්නේද ශ්‍රී ලංකාවයි. මෙම ජය ශ්‍රි ලංකාවට ලබා ගැනීමට හැකිවුයේ 2019 වසරේදියි.

ඩර්බන්හිදී පැවති මෙම ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් ජයග්‍රහණය එක් කඩුල්ලකින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව, දෙවන තරඟයේදී දකුණු අප්‍රිකාවට වඩා විශිෂ්ට ජයග්රහණයක් ලබාගැනීමට සමත්විය. මෙන්ඩිස් ලකුණු 84 ක් සහ ඕෂද ප්‍රනාන්දු ලකුණු 75 ක් රැස්කරමින් තුන්වන කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 163 ක සබඳතාවක් පිහිටුවමින් ටෙස්ට් තරගය ජයග්‍රහණය කළේය.

#3. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල වැඩිම විකට් සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ ද මුත්තයියා මුරලිදරන් විසිනි.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස සැලකේ. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් ලෝක වාර්තාවට හිමිකම් කියයි. ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 133 කදී කඩුලු 800 ක් දවාගෙන ඇත. මුත්තයියා මුරලිදරන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියාගේ ලෝක වාර්තාවට ද හිමිකම් කියයි. ඔහු එක්දින ක්‍රිකට් තරඟ වලදී කඩුලු 534 ක් දවාගෙන ඇත.

#4. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සංගක්කාර සහ ජයවර්ධන පිහිටවූ වැඩිම ලකුණු 624 ක සබඳතාව.

2006 ජූලි 29 දින ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සුවිශේෂ සිදුවීමක් සිදුවිය එනම් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වාර්තාවක් තැබූ අතර එය සදහටම විශ්මය ජනක වනු ඇත. දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 624 ක සබඳතාවක් ගොඩනැගීමට මොවුන් දෙදෙනා සමත් විය. මෙම හවුල්කාරිත්වය ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා වූ ඉහළම සබඳතාව ලෙස වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *